ඉන්ටර්විව් චිත්‍රපටය හකුළා ගැනිම බියගුලුකමක්‌ද?

කලාවට සීමාවන් නැත. කලාව අයුක්‌තිය අසාධාරණය හමුවේ කගපතකි. මිනිසාගේ සියුම් විඥානයේ පටන් සමාජ සංගායනාවන් කිරීමට තරම් ප්‍රබල හැකියාවක්‌ කලාව සතුව පවතී.එහෙත්.... කලාවට සදාචාරයක්‌ පැවැතිය යුතුය. ජීවත්වෙන පුද්ගල චරිතයන්ට වඩා මියගිය චරිත වෙනුවෙන් සදය උපහාසයක්‌ ගොඩනැඟිම තුළ සීමාවක්‌ පැවැතිය යුතුය.

ඇමරිකාවේ දැවැන්ත චිත්‍රපට සමාගමක්‌ ලෙස සැලකෙන සෝනි සමාගමට එල්ල කරන ලද සයිබර් ප්‍රහාරය සමග Annie” Mr. Turner”Still Alice iy To Write Love on Her Armsි දැනට ප්‍රදර්ශනය වෙන Fury චිපටයද පැහැර ගෙන ඇත. දෙසැම්බර් 19 වැනි දින තිරගත කිරීමට නියමිතව තිබුන Annie චිත්‍රපටයද මෙම සයිබර් ප්‍රහාරයට ලක්‌ව ඇත. µයිල් ෂෙයාරින් වෙබ් අඩවි හරහා මේ අන්දමේ චිත්‍රපට බාගත කිරීම් මිලියන දෙකක්‌ පමණි සිදුකර ඇත. අන්තර්ජාල අපරාධ පර්යේෂක ආයතනයක්‌ වන 'එක්‌සිපියෝ' ආයතනය සඳහන් කරන්නේ චිත්‍රපටයෙන් මිලියන 1.2 ක බාගත කිරීම් සිදු කර ඇති බවයි. මෙය සෝනි සමාගමේ නිර්මාණශීලි බුද්ධිය පැහැර ගැනීමක්‌ යෑයි සඳහන් කරන එම සමාගම ඒ වෙනුවෙන් නිතිමය පියවර ගැනීමට අපෙක්‌aෂා කරන බැව් සෝනි ආයතනයේ ප්‍රකාශිකාවක්‌ සඳහන් කර ඇත. මෙම ප්‍රහාරයෙන් අනතුරුව සෝනි චිත්‍රාගාරයේ පරිගණක තිර මත මිනි ඔළුවක්‌ දිස්‌වුන අතර 'සාමයේ ආරක්‌ෂකයන්' නම් පරිගණක දත්ත සොරකමේ යෙදෙන්නන් එහි වගකීම බාර ගන්නා බවත් සටහන් විය. සෝනි සමාගමේ සියලු රහස්‌ ලෝකයට හෙළිදරව් කරන බවටද මෙම කණ්‌ඩායම විසින් තර්ජනයක්‌ එල්ල කර තිබුණි. මෙම චිපටය තිරගත කළහොත් 2001 වසරේ ප්‍රහාරය පිළිබඳ මතකය නැවතත් අලුත් විය හැකි බවටත් ඔවුන් අනතුරු දන්වා තිබුණි. නමුත් උතුරු කොරියාව මෙම සයිබර් ප්‍රහාරය වෙනුවෙන් වගකීම තමන් භාර නොගන්නා බව සඳහන් කළත් කොරියාවට පක්‌ෂපාතී පිරිස්‌ ලෝකයේ සිටින බව සඳහන් කරයි.

1994 වසරේ කිම් ඉල් සුන්ගේ ඇවෑමෙන් පසු බලයට පත් උතුරු කොරියානු පාලක කිම් ජොන් ඉල් 2011 වසරේ අභාවප්‍රාප්ත වුයේය. මියයන විට වයස අවුරුදු 69 ක්‌ වු ඔහු හෘදයාබාධ සහ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පසු වූයේය.

රාජ්‍ය ලේඛනයන්ට අනුව කිම් ජොන් ඉල් උපත ලැබීමට පෙරාතුව ලිහිණියන් ඒ පිළිබඳව අනාවැකියක්‌ ස්‌වර්ගයෙන් රැගෙනවිත් ඇත. ඔහු උපත ලබන විට එතැනින් ඉහළ ආකාසේ දේදුනු දෙකක්‌ද, අහසේ අලුත් තරුවක්‌ද පායා ඇත. ඔහුට පිසින බතේ සහල් ඇට සමමිතික විය යුතු අතර වර්ණයෙන් සමානව පැවැතිය යුතු බවට අණ දී තිබුණ බැවිණ සඳහන් කරයි. බ්‍රැන්ඩිවලට මහත් ලැදියාවක්‌ දක්‌වන ලද කිම් ජොන් ඉල් ඒ වෙනුවෙන් ඩොලර් 350,000 ක්‌ පමණ වැය කොට ඇත. ඔහු සුරූපී කාන්තාවන් සමග සංචාරනයට ප්‍රිය කළේය. තරුණ බව රැක ගැනීමට කන්‍යාවන්ගේ රුධිරය එන්නත් කර ගත් ඔහු නිරන්තරව කියා සිටියේ තමා දෙවියෙකු බවයි.

ඔහුගේ ඇවෑමෙන් පුත් 'කිම් ජොන්ග්-උන් පාලන බලයට පත් අතර ඔහු 'කිම්' පවුලේ තුන්වැනි පරම්පරාව නියෝජනය කරනු ලබයි. ආසියාවේ ඒකාධිපතියෙකු ලෙසින් නම් දරා සිටින කිම් ජොන්ග් තම බලය ආරක්‌ෂා කර ගැනීම වෙනුවෙන් මාමාද මරා දැම්මේය. ඔහු රජය පෙරළීම වෙනුවෙන් කුමන්ත්‍රණය කළේය යන සැකය මේ වෙනුවෙන් නිමිත්ත විය. මේ අන්දමේ අමුතු මානසිකත්වයකින් හෙබි කිම් පවුලේ තුන්වැනි පුරුක මේ වන විට නැන්දාට පාලක පක්‌ෂයේ ඉහළ තනතුරක්‌ සහ කිම් යෝ ජොන්ග් නමැති බාල සහෝදරියට තම පක්‌ෂයේ ඉහළ තනතුරක්‌ ලබාදී ඇත. ඇය පක්‌ෂ මධ්‍යම කමිටුවේ උප අධ්‍යක්‌ෂවරියකි.

කෙසේ වෙතත් 'කිම් ජොන් ඉල්' ගේ අපූරු මානසිකත්වය අළලා ඇමරිකාවේ සෝනි පික්‌චර්ස්‌ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය දෙසැම්බර් 25 වැනි දින මුදාහරින්නට නියමිතව තිබියදී සෝනි සමාගමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. මෙම ප්‍රහාරය එල්ල කරන ලද කාලසීමාවේදී මෙතෙක්‌ තිරගත නොකළ චිත්‍රපට ගණනාවක්‌ නීති විරෝධී දත්ත හුවමාරු ඔස්‌සේ මුදාහරින ලදී. ඒ සමඟ පුද්ගලයන් දහස්‌ ගණනකගේ පුද්ගලික තොරතුරු පවා හෙළිවී ඇත. සෝනි පික්‌චර්ස්‌ ආයතනය සඳහන් කරන්නේ මෙම ප්‍රහාරය උතුරු කොරියාවට හිතවත් පිරිසක්‌ විසින් සිදු කරන්නට ඇති බවයි. නමුත් මෙම ප්‍රහාරය කොරියාව ප්‍රතික්‍ෂෙප කළද කිම් ජොන් ඉල් චරිතය විකටයෙකුට සමාන ලෙසින් හා ඔහු ඝාතනය කරන අන්දම චිත්‍රපටයෙන් ඉදිරිපත් කිරීම කොරියාව තරයේ හෙළා දැක ඇත.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් ඇමරිකානු ජනාධිපති බැරැක්‌ ඔබාමා කියා සිටින්නේ නත්තල් දිනයේ තිරගත කිරීමට නියමිතව තිබුණ. 'ඉන්ටර්විව්' චිත්‍රපටය නැවත හකුළා ගැනීම බියගුළු ක්‍රියාවක්‌ බවයි. සෝනි සමාගමට සිදු වුණ මෙම මෙම හානිය ගැන තමා කනගාටු වුණත් 2013 වසරේ බොස්‌ටන් මැරතන් තරගයේදී බෝම්බ පිපිරුණත් ඔවුන් ආපස්‌සට හැරුණේ නැති බවත් මෙහිදී සිහිපත් කර සිටියේය. මෙම චිත්‍රපටය නියමිත දිනට ප්‍රදර්ශනය කිරීමට නොහැකි විම ජාතික ආරක්‌ෂක ගැටලුවක්‌ බව ධවල මන්දිරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Ö පුන්‍යා චාන්දනී ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.