2015 ජනවාරි 27 අගහරුවාදා

 

 

 

    
    Divaina Editor
    contact webmaster

අලුත්ගමගේටත්
රට යැම තහනම්

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මාස තුනකට අත්හිටුවීමට අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26 වැනිදා) පියවර ගත්තේය.

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්
14 දෙනකුට
ඉන්ටර්පෝල් වරෙන්තු

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනකුට ඉන්ටර්පෝල් පොලිසිය විසින් රතු වරෙන්තු ප්‍රකාශයට පත්කර ඇත.


කොළඹ මන්ත්‍රී
වටකොට දැල එළයි!
හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පවත්වමින් රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා ලැබ සිටින කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සාක්‍ෂි රැස්‌කරමින් සිටින බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම මන්ත්‍රීවරයාට තමන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් ලබාදුන් බවට වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

හිටපු ජනාධිපති ඊයේ
අභයාරාම විහාරස්‌ථානයේ
ආගමික වතාවත්වල
නිරත වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අභයාරාමාධිපති රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණන්වහන්සේගේ 73 වැනි ජන්ම දිනය යෙදුණු ඊයේ (26 දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයට ගොස්‌ උන්වහන්සේට සුභාශිංසන පුද කළේය.


හිටපු ජනපති
ආර්යාවට එරෙහිව
වාස්‌ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්‌

රත්‍රං කිලෝ සියයක්‌ වංචනික ලෙස අලෙවි කළේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලී පෙරේරා මහත්මිය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට එරෙහිව ඊයේ (26 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත.

දූෂණ වංචා කළ අයට
කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න

සාධාරණ සමාජයක්‌
සඳහා වූ ජාතික ව්‍යාපාරය

දැනට ක්‍රියාත්මක කොට ඇති ආණ්‌ඩුවේ දින 100 වැඩසටහන වේගවත් කිරීම සඳහා බලපෑම් කිරීමටත්, මේවනවිට හෙළි වී තිබෙන හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදුවී ඇතැයි කියන දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටීමටත් පෙරේදා (25 දා) කෝට්‌ටේ නාග විහාරයේ පැවැති සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ විශේෂ රැස්‌වීමකදී තීරණය වී තිබේ.

කිරි අම්මාවරුන්ගේ
දානයට අමාත්‍යාංශය
ලක්‍ෂ 20 ක්‌ වැය කරලා

කිරිඅම්මාවරුන්ගේ දානයක්‌ සඳහා ඉකුත් රජයේ එක්‌තරා අමාත්‍යාංශයක්‌ රුපියල් ලක්‍ෂ 20 ක්‌ වියදම් කර ඇති බව හෙළිවී ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු 'දිවයින'ට පැවැසීය.

නැගෙනහිර මහ
ඇමැති අර්බුදය
මු. කො. ටී. එන්. ඒ. සාකච්ඡා තීරණයකින් තොරව අවසන්

නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති ධුරය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සංධානය අතර පැවැති සාකච්ඡා තීරණයකින් තොරව අවසන් වී ඇත.


නැවත පදිංචිකිරීම්
ඇමැති  උතුරේ
මහ ඇමැති හමුවෙයි


ජනාධිපති ධුරයේ
ඉන්නේ වසර 5 යි

ජනාධිපති මෛත්‍රීපාල කියයි

ජනාධිපති ධුරයේ තමා සිටින්නේ අවුරුදු පහක්‌ පමණක්‌ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26 වැනිදා) පොළොන්නරුවේ රාජ්‍ය නිලධාරින් හමුවූ අවස්‌ථාවේදීය.


අධ්‍යාපන පරිපාලන සේවයට කළ
දේශපාලන පත්වීම්
600 අහෝසියි

දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් හයසීයකට අධ්‍යාපන පරිපාලන සේවයේ ස්‌ථිර තනතුරු ලබාදීම සඳහා පසුගිය ආණ්‌ඩුව සමයේ කැබිනට්‌ මණ්‌ඩලය ගෙන තිබූ තීරණය අහෝසි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා තීරණය කර ඇත.


යෝෂිත රාජපක්‍ෂ
වංචා දූෂණ කළැයි
ජවිපෙන් චෝදනා
13 ක පැමිණිල්ලක්‌

ආරක්‍ෂක ලේකම්ට භාරදෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්‍ෂ මහතා කළේ යෑයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කරන මෙන් ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්‌ස මහතා ආරක්‍ෂක ලේකම් යූ. බස්‌නායක මහතා වෙත ඊයේ (26 වැනිදා) පැමිණිල්ලක්‌ ඉදිරිපත් කළේය.


යුද්දෙත් ඉවරයි.. රාජපක්‍ෂලත් ඉවරයි කියා
රියෑදුරු අසුනේ සිටි මට පොල්ලකින් ගැහුවා

ලංගම රියෑදුරුගෙන් පැමිණිල්ලක්‌

යුද්දෙත් ඉවරයි රාජපක්‍ෂලත් ඉවරයි දැන් මේ බස්‌ දුවන්න එපා යෑයි තර්ජනය කරමින් බස්‌ රථයේ රියදුරු අසුනේ සිටියදීම තමාට පොල්ලකින් පිරිසක්‌ පහරදුන් බව ශ්‍රී ලංගම උතුරු ඩිපෝවේ බස්‌ රියදුරකු වූ වේලු කුමාරවේල් මහතා පවසයි.


හිටපු ජනපති ඇතුළු
12 දෙනකුට එරෙහි පැමිණිල්ල!
අල්ලස්‌ කොමිසම විශ්වසනීය
විමර්ශනයක්‌ කර නැහැ

විජිත හේරත් කියයි

මහජන මුදල් කොල්ලකෑවේ යෑයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු දොළොස්‌ දෙනකුට විරුද්ධව තම පක්‍ෂය අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විශ්වසනීය විමර්ශන කටයුත්තක්‌ මේ වනතෙක්‌ ආරම්භ කර නොමැති බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (26 වැනිදා) සඳහන් කළේය.


කේපීට එරෙහි
විජිත හේරත්ගේ
පෙත්සම සලකා
බැලීම අද

කොටි සංවිධානයේ හිටපු ප්‍රබලයකු වූ කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. අත්අඩංගුවට ගෙන විධිමත් පරීක්‍ෂණයක්‌ පවත්වා ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙසට පොලිස්‌පතිට සහ ත්‍රස්‌ත විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂවරයාට බලකරමින් රිට්‌ ආඥවක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ....


දිවයින  සැනෙකින් පුවත්

ජනාධිපති වකුගඩු
රෝගීන් සඳහා
ආධාර බෙදාදීමේ
ජාතික උත්සවයේදී...


වකුගඩු රෝගීන් සඳහා ආධාර බෙදාදීමේ ජාතික උත්සවය
ඊයේ (26 දා) පොළොන්නරුවෙන් ආරම්භ විය. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වකුගඩු රෝගී කාන්තාවකට මූල්‍ය ආධාරයක්‌ පරිත්‍යාග කළ අයුරු.
ඡායරූපය : අරලගංවිල  රොෂාන් තුෂාර



හිටපු ජනපති අභයාරාමයේ...
නාරාහේන්පිට අභයාරාමාධිපති, රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිපාණන්ගේ 73 වැනි ජන්ම දිනය නිමිත්තෙන් පැවැති දානමය පිංකමට සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා කෝට්‌ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ සංඝරත්නයට දානය පිළීගැන්වූ අයුරු.
ඡායාරූපය :
කේ.එස්‌.ආර්. මුදලි


වෙලේ සුදාගෙන්
හිටපු පොලිස්‌ ලොක්‌කාට
කෝටි ගණනක සුවිසල් මැඳුරක්‌

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස්‌පතිවරයාට වෙලේ සුදා විසින් රුපියල් කෝටි ගණනක මුදලක්‌ වැය කර සුවිසල් මන්දිරයක්‌ ඉදිකර දී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත.


සා. පෙළ ගණිතය අසමත් නම්
ලබන වසරේ සිට උ/පෙළට වරම් නෑ

සාමාන්‍ය පෙළ ගණිතය අසමත්ව කලා හා තාක්‍ෂණ විෂයධාරා යටතේ උසස්‌ පෙළ විභාගයට පෙනී සිටීමේ ක්‍රමය ලබන වසරේ සිට අහෝසි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.


මෙරට ද්‍රවිඩ 1277 ක්‌ ස්‌විස්‌ රැකවරණ ඉල්ලති
 

2014 වසර තුළ පමණක්‌ මෙරට ද්‍රවිඩ ජාතිකයන් 1277 න් ස්‌විස්‌ටර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ඇත. මෙය 2013 ට වඩා සියයට 87 ක වැඩිවීමකි.


ඇපල් කන්නේ බලාගෙනයි
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්aගේ
සංගමයේ සභාපති
උපුල් රෝහණ

මේ දිනවල ඇමරිකාවෙන් ගෙන්වා ඇති ඇපල්වල විෂ වර්ගයක්‌ අඩංගු වී ඇති නිසා මහජන පරිභෝජනයට නොගන්නා ලෙස මහජන සෞඛ්‍ය සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.


අධ්‍යාපන පරිපාලන සේවයට කළ
දේශපාලන පත්වීම් 600 අහෝසියි

දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් හයසීයකට අධ්‍යාපන පරිපාලන සේවයේ ස්‌ථිර තනතුරු ලබාදීම සඳහා පසුගිය ආණ්‌ඩුව සමයේ කැබිනට්‌ මණ්‌ඩලය ගෙන තිබූ තීරණය අහෝසි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා තීරණය කර ඇත.


රාජ්‍ය මුදල් වංචා කරන්න, ඡන්ද නීති උල්ලංඝනය කරන්න
කිසිම දේශපාලකයකුට මින්පසු ඉඩ
දෙන්නේ නැහැ
ඒ සඳහා අවශ්‍ය නව නීතිරීති සකස්‌ කරනවා

ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේදී කියය

මේ රටේ කිසිම දේශපාලන අපේක්‌ෂකයකුට මැතිවරණ නීති උල්ලංඝනය කරලා රාජ්‍ය දේපළ, රාජ්‍ය වත්කම්, භාණ්‌ඩාගාරයේ මුදල් විනාශ කිරීමට ඉඩ නොලැබෙන සේ නීති රීති සම්පූර්ණයෙන් සකස්‌ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.


ජනවාර්ගික ප්‍රශ්නය
13 සංශෝධනයෙන්
විසඳන්න අප එකඟ වෙලා තියෙනවා

අගමැති රනිල් වික්‍රමසිංහ

ජනවාර්ගික ප්‍රශ්නය 13 වැනි සංශෝධනය තුළින් විසඳන්න අපි ඔක්‌කොම පක්‍ෂ එකඟ වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. ඉන්දියාවත් කියනවා 13 න් එහාට යන්න එපා කියලා. ඒක පිළිගන්න දෙමළ කණ්‌ඩායමත් ලෑස්‌තියි. උතුරේ ජනතාවට යුද්ධයෙන් පස්‌සේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. මේවා විස¹ගෙන කටයුතු කරන්න ඕන. උතුරේ පළාත් සභාවට අනිත් පළාත් සභාවලට වගේ එකම බලතල තියෙන්න ඕන. එකට වැඩකරන්න පුළුවන් වෙන්න ඕන. නොබෙදුණු ශ්‍රී ලංකාවක්‌ තුළ අපි වැඩ කරන්න ඕන යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා මොරවකදී පැවසීය.


යහපාලනය ගැන කියමින් පෞද්ගලිකව
හිරිහැර කිරීම පිළිබඳ කනගාටු වෙනවා

හිටපු විදේශ ඇමැති
මහාචාර්ය ජී. එල්. පීරිස්‌

යහපාලනය ගැන සඳහන් කරමින් කිසිදු සාධාරණ බවකින් තොරව පුද්ගල හිරිහැර සිදුකිරීම කනගාටුවට කරුණක්‌ බව හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කරයි.


පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී දේශපාලන
ලැයිස්‌තු සහ
කාල්ටන් පෙර
පාසලට කිසිදු
ඉඩක්‌ නැහැ

අධ්‍යාපන ඇමැති
අකිල විරාඡ් කාරියවසම්

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී දේශපාලන ලැයිස්‌තු වලට හා කාල්ටන් පෙර පාසලට මින් ඉදිරියට කිසිදු ඉඩක්‌ නොලැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.


  
 
  • ලිට්‌රෝ ගෑස්‌ ගනුදෙනුවෙන්
    කෝටි 70ක පාඩුවක්‌ වී නෑ

    - කළමනාකාර අධ්‍යක්‍ෂ කරුණු පහදයි


    පසුගිය රජය සමයේ සිදුවූ ගනුදෙනුවකින් ලිට්‌රෝ ගෑස්‌ සමාගමට හෝ රජයට කෝටි 70 ක පාඩුවක්‌ සිදුව නැතැයි එම සමාගමේ කළමනාකාර අධ්‍යක්‌ෂ පියදාස කුඩාබාලගේ මහතා පවසයි.
     
  • පොලිස්‌ ලොක්‌කන්  14 දෙනකුට මාරුවීම්
    ජ්‍යෙෂ්ඨ නි. පොලිස්‌පතිවරු 3!
    නි. පොලිස්‌පතිවරයෙක්‌
    පොලිස්‌ ස්‌ථානාධිපතිවරු 10 ක්‌


    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් තිදෙනකු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් දස දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත.

 

 


 
  • ජාතික ආණ්‌ඩුව සහ  යහපාලනය

    අලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්‌වා වසර හැට හතකට ආසන්න කාලයක්‌ දේශපාලන ඉතිහාසයේ බොහෝ දේ ලියෑවී ඇත. ඉන් බොහොමයක්‌ ඉතා අමිහිරි අත්දැකීම් අපට උරුම කර දී ඇත. වසර තිහක වාර්ගික යුද්ධයත් 1971 සන්නද්ධ අරගලයත් 1988/1989 භීෂණ සමයත් එම අහිමිරි අත්දැකීම් අතරට එකතු විය. මේ නිසාම සාමකාමී පරිසරයක්‌ තුළ මෙරට ජනතාව ජීවත්ව ඇත්තේ වසර තිස්‌ පහක තරම් කාලයකි.
     
  • වන උයන් වනසා තැනූ 'සංවර්ධන කාන්තාරය'

    පසුගිය රජයේ ඉඩම් කොල්ලකෑම ආරම්භ වූයේ උදය ගම්මන්පිල මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරය හෙබවූ සමයේ දී ය. ඔහු මෙම ඉඩම් කොල්ලයේ නියමුවා ලෙස ක්‍රියා කරමින් ක්‍රිස්‌බෝ සමාගමට මහපිටිය අලිමංකඩේ අක්‌කර 150 ක්‌ බඩඉරිඟු වගා කීරීම සඳහා නීති විරෝධී ලෙස ලබා දුන්නේය. එතැන් සිට ඇරඹි මෙම ඉඩම් කොල්ලය අවසන් වූයේ මහ මුහුදේ අක්‌කර 496 ක්‌ නීති විරෝධී ලෙස ගොඩ කරමින් චීන වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මහ මුහුද ද කොල්ල කමිනි.
     
  • හරඹ කරන 'කුරු අලියා'

    අලි ගහනය අතරින් එක්‌ අලියෙකු අපට මෙන්ම ලෝකයටද වනසතුනට ආදරය කරන්නන්ටද සුවිශේෂී වේ. ඒ එම අලියා සතු උපතින්ම ගෙනා "කුරු බව" නිසාය. මෙම සත්වයාගේ ශරීරය හොඳින් සාමාන්‍ය අලියෙකුගේ මෙන් වැඩී ඇති අතර පාද යුගල් උසින් අඩුවීම හේතුවෙන් කුරු බවට ලක්‌ව ඇත. මොහුව හඳුන් වන්නේ "වලවේ කුරු අලියා" ලෙසය.

  

  


 

  

Kapruka Shopping |  News





 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.