යහපාලනයෙන් දූෂිතයන් පැනයන ලකුණු!

2015 ජනවාරි මස පැවැති 07 වැනි ශ්‍රී ලංකා ජනාධිපතිවරණ මැතිවරණයෙන්, ධනපති සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂක පරදවා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පොදු අපේක්‍ෂක ජයගන්නා ලදුව මෙරටේ 06 වැනි ජනාධිපති බවට පත්විය. ඔහු ජනාධිපතිවරණයෙන් ඡන්ද 6217162 ක්‌ (51.28%) ක්‌ ලබාගත් අතර නිදහස්‌ සන්ධානය ඡන්ද 5768090 (47.58%) ක්‌ ලබාගත්හ. මෙරටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් අති මහත් පීඩිත බහුතරයට බල පවත්වන උතුරු නැගෙනහිර සිට මධ්‍යම කඳුකරයට වකුගඩු රෝගවලින් පිරි පොළොන්නරුව, උතුරේ පීඩිතයන් වෙසෙන සියලුම ආසන, වඩ්ඩුක්‌කොඩෙයි, කයිට්‌ස්‌, කිලිනොච්චි, යාපනය, වන්නි ප්‍රදේශද, මධ්‍යම කඳුකරයේ විවිධ ජාතීන් සිටින වෙළෙඳ නගරයක්‌ වන මහනුවරද, වතුකර ජනතාවගේ ඉහළ ප්‍රතිශතයක්‌ රැකියා කරන නුවරඑළිය, මස්‌කෙළිය, බදුල්ල, පස්‌සර, වියලුව ආසනද, දකුණේ වෙළෙඳ නගරය වන විවිධ ජාතීන් පදිංචි ගාල්ල ආසනයද, දුගී ධීවරයන් වෙසෙන මන්නාරම, පුත්තලම ආසනද, පීඩිත මුස්‌ලිම් බහුතරයක්‌ ඇති සමන්තුරේ ආසන හා ත'මලය මුතූර්ද, ධීවර ජනයාගෙන් පිරි මීගමුව, වත්තල, ජාඇල ආසනද, බස්‌නාහිර පළාතේ උතුරු කොළඹ, දකුණු කොළඹ, බොරැල්ල කොට්‌ඨාසද, මැද කොළඹද විවිධ ජන වර්ග සිටින දෙහිවල හා කර්මාන්ත පුරයන් වන රත්මලාන, මොරටුව ආසනද ධනපති සන්ධානයේ පරාජයට ලක්‌විය. ධනපති පොදු අපේක්‍ෂක මේවා ජය ගත්තත්, සමස්‌තයක්‌ ලෙස කම්කරු පීඩිත ජනතාව සිය අයිතීන් සඳහා පෙළගැස්‌මක්‌ පවතී. මෙම ජනතා විරෝධය පැහැදිලි වන්නේ ස්‌වාධීන කම්කරු පංති විප්ලවවාදී පක්‍ෂයක අඩුවයි. ඊනියා ෙද්‍රdaහී වමුන් හා විවිධ ප්‍රතිගාමී කල්ලි, පක්‍ෂ, ජාතිවාදීන්ගේ පාවාදීම් පාදකව මෙම වාතාවරණය උද්ගතව පවතී. එහි ප්‍රතිඵල ලෙසට ධනපති පංතිය එම බලය ගොනුකර සිටී.

එසේම පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව හා ඉන් පිටතදීත්, පළාත් සභා හා වෙනත් මැතිවරණවලදීත් එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ විවිධ පූජක හා අවස්‌ථාවාදී පක්‍ෂ, ඊනියා ධනේශ්වර ගැති බුද්ධිමතුන් යෑයි කියා ගන්නා ප්‍රතිගාමීන්ගේද, අල්ලස්‌, දූෂණය, විධායක ජනාධිපති ක්‍රමය, මනාප ඡන්ද ක්‍රමය ප්‍රමුඛත්වය ගෙන තිබුණි. යහ පාලනයේ දැන් සිටින මැති ඇමැතීන්, නායකයන් මහජන මුදල් ගසා කෑ දූෂිතයන්ට දැඩි දඬුවම් දෙන බවත්, 09 වැනි දින රටින් පැන යැමට නොදී ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී කොටුකර ගන්නා බවත් පවසන ලද බව සියල්ලෝ ම දනිති. අද එම කියුම් ඉටුවී තිබේද? 1948 ඊනියා නිදහසේ සිට ධනපති පක්‌ෂ හා සංවිධාන වේදිකාවල හෙළුE කිඹුල් කඳුළු කොපමණද? දෙසූ පච මහමෙරට උසය. ධනපති සන්ධානයට පැවැති ජනතා වෛරය පාදකව සුළු සුළු සහන කෙටි කාලයක්‌ තුළ ලබාදීමට උත්සාහ කෙරේ¾ දින 100 ක කාලය වෙන්කර ගත්තේ ධනපති පංතිය හා එයට උපදෙස්‌ දෙන ජාත්‍යන්තර ධනපති ප්‍රජාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම, දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ උවමනා සඳහා පෙනී සිටීම ආදී කරුණු බව පැහැදිලි වේ. එක්‌ පැතිකඩකින් දූෂිතයන්ගේ නාස්‌ති කළ, වංචාකළ වත්කම් විදේශ ඉඩම්, නිවාස හා විදේශ බැංකුගත කර ඇති (එසේ වීමට අවකාශ පවතී. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර සිං මෝදි එවැනි පුද්ගලයන් 100 ට අධිකව නීතිය යටතට පත්කිරීමට සූදානම්ව පවතී) මුදල් ලබාගත්තත් ධනපති සන්ධානය, ධනපති පංතිය අති විශාල ලෙස රැගෙන ඇති දේශීය හා විදේශීය ණය ආවරණය කළ හැකිද? පැන නැගී ඇති විරැකියාව, ආහාර අර්බුදය, සෞඛ්‍ය, ප්‍රවාහන ගැටලු විසඳිය හැකිද සිතා බැලිය යුතු කරුණකි. පෞද්ගලික ආයෝජකයන්ට, කර්මාන්ත කරුවන්ට, විදේශීය ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන බවට දැන් පැහැදිලිවී පවතී.

එසේම 2008 අධිරාජ්‍යවාදී ලෝක ආර්ථික අවපාතය, යුරෝපය, ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු රුසියාව, චීනය, ඉන්දියාව ඇතුළුව, සමස්‌ත ලෝකය පුරාම ජාලයක්‌ ලෙස විහිදී යමින් පවතී. කෝටි සංඛ්‍යාත කම්කරු පීඩිතයන් සිය අයිතීන් දිනා ගැනීම සඳහා වීදි බැස ඇත. උද්ඝෝෂණයේ යෙදෙති. ඇ. එක්‌සත් ජනපදයේ වර්ගීකරණ මත පදනම්ව එය පැමිණ තිබේ. ලෝක ධනේශ්වරය රැක ගැනීම සඳහා ඉස්‌ලාමීය අන්තවාදීන් පෙරමුණේ සිටිති. අධිරාජ්‍යවාදීන්ගේ අවපාතයන් සමග ලෝක යුද සැලසුම් ක්‍රියාත්මක කෙරේ. පසුගියදා අධිරාජ්‍යවාදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපය පුරා ඇවිලෙන ආර්ථික අර්බුදයක්‌ පිළිබඳව කරුණු හෙළිකර තිබේ. "වර්ල්ඩ් එකොනොමික්‌ පෝරම්" වාර්තාව අනුව ලෝක ධනයෙන් සම්පත්වලින්, පවුල් අසූවක්‌ (බිලියනර්ස්‌ ලා) මෙම සමස්‌ත ධනයෙන් 58% ක්‌ ගොනුකර ඇත. 01% ක්‌ මෙසේ නම් 99% ට අන්ත දරිද්‍රතාවය උරුම කර දී තිබේ. ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දීය දකුණු ආසියාවේද වාතාවරණය මෙයයි. ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ, මැලේසියාවේ, ජපානයේ (රජවරු සිටී) බංග්ලාදේශයේ, තායිලන්තය, ඉන්දුනීසියාවේද මෙයට වඩා දෙයක්‌ නැත. අප්‍රිකානු මහද්වීපය, යුරෝපයද එසේමය. මෙම බිලියනර්ස්‌ලා හා දරිද්‍රතා දුගී පවුල් අතර පරතරය තව තවත් පුළුල් වෙමින් පවතී. කොළඹදී වතුර මල්, ජලාශ, තරුපහේ හෝටල්, තට්‌ටු නිවාස, ගොඩනැඟිලි, අධිවේගී මාර්ග, සරසන ලද මහා මාර්ග දුටු විට සාමාන්‍ය පුද්ගලයකුගේද ඇස්‌ නිලංකාර වේ. යාපනය දිස්‌ත්‍රික්‌කයට, දිගාමඩුල්ලට, මොනරාගලට, කොස්‌ලන්ද (මීරියබැද්ද වත්තට) ගිය වාතාවරණය කුමක්‌ද? මෙරටේ ද පන්ති බෙදීමේ පරතරය උග්‍ර වෙමින් පවතී.

ලෝකය පුරාත්, මෙරටේත් ධනපති පාලනයන් දිනෙන් දින අර්බුදයට ගමන් කෙරේ. එම දූෂිත පාලනයන් තුළ (1970 සිටම) අල්ලස, දූෂණ, වංචාව, ඝාතන, සොරකම්, මත්ද්‍රව්‍ය, කුඩු, වෛශ්‍යා වෘත්තිය ඉහළටම යෑවේ. එහි උපාංග ඒවාය. ජාතිවාදය, ආගම්වාදය, විවිධ බෙදීම්, ධනපති අර්බුදයේ ප්‍රතිඵලය.

විශේෂ ලියුම්කරුවකු විසිනි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.