2015 ජනවාරි 28 බදාදා

 

    
  
    Divaina Editor
    contact webmaster

ලබන 1දා සිට
බස්‌ ගාස්‌තු බසී

බස්‌ ගාස්‌තුව ලබන මස (පෙබරවාරි) 01 වැනිදා සිට සියයට අටත් දහයත් අතර ප්‍රමාණයකින් අඩුකරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ඊයේ (27 දා) පැවැසීය.

ජනපති ලබන මස ඉන්දියාවේ නිල සංචාරයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 14 සහ 15 යන දෙදින තුළ ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.


මෛත්‍රිය හා නීතියේ ආධිපත්‍යය එකට පටලවා නොගන්න - හිරුණිකාගෙන් ජනපතිට ඉල්ලීමක්‌

අවුරුදු 3 ක්‌ තිස්‌සේ නඩු කියලා කරන්න බැරි වුණු ඒ දෙය මේ වසරේදී ඉටු කර තම පියාගේ ඝාතකයන් නීතියේ ආධිපත්‍යයට යටත් කිරීම තම අභිලාෂය බවත් ඇය කීවාය.

නීතිපති උසාවි කැඳවයි

ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම විභාගයට නියම කරනවාද, නැද්ද යන්න පිළිබඳව තීන්දුවක්‌ ගැනීමට පෙර ඒ ගැන නීතිපතිගෙන් අදහස්‌ විමසීමට අභියාචනාධිකරණය ඊයේ (27 දා) තීරණය කළේය.

දුමින්දගේ බැංකු ගිණුම් හා වත්කම් පරීක්‍ෂා කිරීමට අධිකරණ නියෝගයක්‌

හෙරොයින් ලෝකයේ "ගෝර්ඩ් ෆාදර්" ලෙස දුමින්ද සිල්වා හඳුන්වන බව ද වෙලේ සුදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබේ.


සත්‍යය කවදා හෝ
ජයගනු ඇත

- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

මට සහ මගේ පවුලටත්, කිසිදු පදනමකින් තොරව ද්වේශ සහගත මඩගැසීම් එල්ල කළත් සත්‍යය කවදා හෝ ජයගනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.


සිනහ පිරුණු කතාවක්‌


66 වැනි ඉන්දීය ජනරජ දින සැමරුමක්‌ 26 දා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ නිල නිවසේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

වෙලේ සුදාගේ මත් ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ 50 දෙනකු ගේ තතු හෙළිවේ

වෙලේ සුදාගේ ඥාතීන්, පොලිස්‌ නිලධාරීන්, විවිධ තරාතිරමේ නිලධාරීන් පවා මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති බවට හෙළි වී තිබේ.

ගිය වසරේ එච්. අයි. වී. රෝගීහු 239 දෙනක්‌ හඳුනා ගැනෙති

නව රෝගීන්ගෙන් සියයට 65 ක්‌ බස්‌නාහිර පළාතෙන් බවත් එයින් ද වැඩිම රෝගීහු කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කවලින් වාර්තා වූ බවත් ඒ මහතා පැවසීය.


ඇමැති ධුරයක්‌ ලැබුණා කියා මට විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැහැ
- ඇමති - ගයන්ත කරුණාතිලක

මට කැබිනට්‌ ඇමැතිකම ලැබුණු නිසා මට "ඇමැතිතුමා" කියල කතා කරනාවට වඩා මුල සිටම මට ආමන්ත්‍රණය කළ "ගයන්ත මහත්තයා" කියා අමතනවාට මම වඩාත් කැමැතියි.

බෝම්බයක්‌ පුපුරවා දරුවන් දෙදෙනකුට මරු කැඳවූ විත්තිකරු ගස්‌

තීන්දුව ලබාදීමට පෙර යමක්‌ කීමට ඇත්දැයි විත්තිකරුගෙන් විමසූ අවස්‌ථාවේ මට සමාජය බොරු කළා. මම සමාජයට රැවටුණා. මා මේ කිසි දෙයක්‌ දන්නේ නැහැ යෑයි විත්තිකරු පැවසීය.

පියා බීපු වස කුප්පිය උදුරාගෙන දියණියද වස පානය කරලා
පියා මරුට දියණිය රෝහලට

දුව කිව්වා තාත්තා වස බොන කොට එයාට දුක හිතිලා තාත්තාගෙන් වස කුප්පිය අරන් බෝතලේ තිබූ ඉතිරි වස ටික මා බිව්වා කියා.

පැමිණිලිකරුගේ කැඩුණු කකුල විත්තිකරු කොහිල වළකට දමලා
- ගම්පහ අධිකරණයෙන් ඇසුණු නඩුවක්‌

පැමිණිලිකරු පදවාගෙන පැමිණි යතුරුපැදිය විත්තිකරුගේ ත්‍රිරෝද රථයේ ගැටීම නිසා යතුරුපැද ිකරුගේ දකුණු කකුල වළලුකර අසලින් කැඩී වෙන්වී තිබෙනවා. විත්තිකරු එසේ කැඩුණු කකුල අසල පිහිටි කොහිල වළකට දමා ගොස්‌ ඇතැය....

භාරත ලක්‍ෂමන්
ජන්ම දින සමරුව...


දිවංගත භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 59 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (27 දා) කොළොන්නාව නගරයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුෂ්පෝපහාර දැක්‌ වූ අයුරු.

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතිය සාර්ථක කර
ජලය ඉල්ලා හඬන ගොවි ජනයාගේ කඳුළු කතාව අවසන් කරමු
- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය අවශ්‍යයි කියලා මම ජනාධිපතිට පැවසුවා. එතකොට ජනාධිපති මගෙන් ඇහැව්වා දුන්නේ නැත්නම් මොකද කරන්නේ කියලා. මම කිව්වා එහෙනං මට අමාත්‍යාංශයක්‌ ඕන නැහැ කියලා.

 

'මං රට ගියේත් නැහැ යන්න ඕනැත් නෑ'
- පී. බී. ජයසුන්දර කියයි

ආචාර්ය ජයසුන්දර මහතා මැතිවරණයෙන් පසු රට හැර ගොස්‌ ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් 'දිවයින' කළ විමසුමකට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා මේ බව කීවේය.

හිටපු වනජීවී ඇමැතිට සහ වයඹ ධීවර ඇමැතිට ඇප ලැබ

පසුගිය ජනාධිපතිවරණයේදී බිබිල ප්‍රදේශයේ පදිංච ිකරුවෙකුට බැණ තර්ජනය කිරීම හා එය විභාග කිරීමට ගිය පොලිස්‌ නිලධාරි යෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත භාරවූ....

වියදම් අවම කර මෙවර නිදහස සමරයි

කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ මෙවර පැවැත්වෙන නිදහස්‌ දින උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ යොවුන් සේනාංකයේ පිරිස්‌ සමග 5922 ක්‌ පමණ...

පිටකොටුවේ 'පාවෙන වෙළෙන්දෝ අනාථයි'


මගේ මේ පාවෙන කඩේ විකුණන්නේ අච්චාරු. අද අපි බිස්‌නස්‌ නැතුව වේලි වේලි ඉන්නවා. බස්‌ නැවතුම්පළ හත් ගව්වක්‌ තියලා මේ වගේ තැනකට අපිව ඇදලා දාපු එකෙන් අද අපි ඔක්‌කොම අනාථයි.

පසුගිය වසරේ සිංහරාජය නැරඹීමට පැමිණි සංචාරකයන් ගෙන් වාර්තාගත ආදායමක්‌

2014 විදේශීය සංචාරකයන් හාරදහසකට වැඩි පිරිසක්‌ දේශීය සංචාරකයන් හත්දහසකට වැඩි පිරිසක්‌ ද පැමිණි බව වැඩිදුරටත් සඳහන් කරයි.

රජරට වකුගඩු රෝගීහු ජනපති දෙස දෑස්‌ දල්වති

අනුරාධපුරයේ වකුගඩු රෝගී වාට්‌ටු පිරිලා. පිළිකා වාට්‌ටු පිරිලා. නව යොවුන් වියේ අය අතර පවා දියවැඩියා රෝගයත් ඇති බව වෛද්‍යවරු කියනවා

නැන්දම්මාගේ මෝල්ගස්‌ ප්‍රහාරයෙන් බෑණා මරුට

මොහු නිතර නිතර බීමත්ව සිය නැන්දම්මාගේ නිවසට ගොස්‌ බිරිඳ ගෙන්වා දෙන ලෙස පවසා නැන්දම්මා සමග ඇති කරගත් ආරවුලකදී නැන්දම්මාගේ මෝල්ගස්‌ පහරකින්.......

කෘතිම පාදයක්‌ ලබාදෙතොත්
ලොකු පිනක්‌

ගම්පහ නාරංවල අංක 116/07 යන ලිපිනයේ පදිංචි ඒ. එම්. ළහිරු මධුරංග අමරකෝන් නමැති 22 හැවිරිදි තරුණයාගේ දකුණු කකුලෙන් කොටසක්‌ රිය අනතුරක්‌ හේතුවෙන් අහිමි වී ඇත.



 
  • යහපාලනයෙන් දූෂිතයන් පැනයන ලකුණු!

    යහ පාලනයේ දැන් සිටින මැති ඇමැතීන්, නායකයන් මහජන මුදල් ගසා කෑ දූෂිතයන්ට දැඩි දඬුවම් දෙන බවත්, 09 වැනි දින රටින් පැන යැමට නොදී ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී කොටුකර ගන්නා බවත් පවසන ලද බව සියල්ලෝ ම දනිති. අද එම කියුම් ඉටුවී තිබේද?

  

  • PCM, අලෙවිකරණය අධ්‍යයනය
    ආරම්භයට ඇති හොඳම කොටි කාලීන පාඨමාලාවයි

    අලෙවිකරණ අධ්‍යාපනය ආරම්භ කිරීමට ඇති ඉතාමත් ඉහළ පිළිගැනීමකින් යුතු කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලාව වන PCM පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් ඇරඹී ඇත. අලෙවිකරණය පිළිබඳ මූලික සහතික පත්‍ර පාඨමාලාව (PCM), අලෙවිකරණය සඳහා පාර්ලිමේන්තු පනතක්‌ මගින් සම්මත වූ ජාතික ආයතනය වන SLIM මගින් පවත්වනු ලබයි.

  


 
  • ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ
    'මාරුකිරීම්' නවතිය

    නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම දක්‌වන දැඩි අසාර්ථකත්වය හේතුවෙන් ලෝක කුසලාන සංචිතයේ වෙනස්‌කම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පසුගියදා සාකච්ඡා කර තිබුණද, ලෝක කුසලාන සඳහා ජාත්‍යන්තර ක්‍රිකට්‌ නීතිය අනූව එසේ සංචිතය වෙනස්‌ කිරීමට කිසිදු උපක්‍රමයක්‌ නොමැති බැවින් එම උත්සහය අතහැර දැමීමට සනත් ජයසූරියගේ ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සිදුව තිබේ.

  

Kapruka Shopping |  News






 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.