2015 පෙබරවාරි 05 බ්‍රහස්‌පතින්දා

 
 

    
   Divaina Editor
    contact webmaster
   

අසීමිත විධායක ජනපති බලතල
ඉවත් කරනවා වගේම...
'පොරොන්දු ඉටු කරනවා'

නිදහස්‌ දින උළෙල අමතමින්
ජනපති මෛත්‍රීපාල ප්‍රකාශ කරයි
පාර්ලිමේන්තුවේ ශක්‌තිය වැඩි කර විධායක ජනාධිපති ධුරයේ තිබෙන අසීමිත බලතල ඉවත් කරන බවට ජනතාවට දුන් පොරොන්දුව තමා අනිවාර්යයෙන් ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04 වැනිදා) 67 වැනි ජාතික නිදහස්‌ උළෙලේදී ප්‍රකාශ කළේය.

නිදහස්‌ සමරු උළෙළ අභිමානවත් සහ චාම් ලෙස
ජාතියේ පෞඪත්වය ලොවට කියා පාමින් ශ්‍රී ලංකාවේ 67 වැනි ජාතික නිදහස්‌ සමරු උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහත් අභිමානවත් හා චාම් අයුරින් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටදී පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැත්විණි.

බටුවත්තේ මාරක අනතුරක්‌
කැබ්රිය දුම්රියේ ගැටී

එකම පවුලේ 4 ක්‌ මරුට

දෙදෙනකුට බරපතළ තුවාල
එකම පවුලේ හය දෙනකු ගමන්ගත් කැබ් රථයක්‌ ඊයේ (4 වැනිදා) පස්‌වරු 2.20 ට පමණ රාගම බටුවත්ත දුම්රිය හරස්‌ මාර්ගයේදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියේ ගැටීමෙන් සිව්දෙනකු එම ස්‌ථානයේදීම මියගොස්‌ දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇත.

අතුරු අයවැය විවාදය
අද සිට
නව රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ විවාදය අද (05 දා) සිට පැවැත්වේ.

'දිවයින'  සැනෙකින් පුවත්

ජාතික නිදහස්‌ දින සැමරුම් උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික ධජය ඔසවන ලද අවස්‌ථාව හා යුද හමුදා ආචාර පෙළපාලිය උත්සව සභාවට තම ආචාරය පළ කළ අයුරු ඡායාරූපවල දැක්‌වේ.
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත

තායිවාන් ගුවන්යානයක්‌
ගංගාවකට කඩා වැටේ

12 ක්‌ මරුට
තායිවානයේ තායිපේ ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටි ට්‍රාන්ස්‌ ඒෂියා යානාවක්‌ පාලමක ගැටී අසල පිහිටි ගංගාවකට කඩා වැටීම නිසා 12 දෙනකු මරුමුවට පත් වී ඇත.

  • සිරකරුවෝ 557 ක්‌ නිදහස ලබති
    67 වැනි නිදහස්‌ දිනය වෙනුවෙන් ඊයේ (04 වැනිදා) දිවයින පුරා පිහිටි සියලුම බන්ධනාගාරවලින් සිරකරුවෝ 557 දෙනෙක්‌ නිදහස්‌ කරනු ලැබූහ.මෙම පිරිස අතර කාන්තාවෝ 18 දෙනෙක්‌ද වෙති. මොවුහු වයස අවුරුදු 75 ට වැඩි අය සහ සුළු දඩ ගෙවා ගැනීමට නොහැකිව සිරගත වූවෝය.ස්‌ත්‍රී දූෂණ, මිනීමැරුම්, මත්ද්‍රව්‍ය චෝදනා ඇතුළු බරපතළ අපරාධ චෝදනා 27 ක...
     
  • ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ
    ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතා ඊයේ (04දා) දහවල් අභාවප්‍රාප්ත විය. මියයන විට අසූ වැනි වියෙහි පසුවූ සේනාරත්න මහතා ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ගී තනු රචකයකු ලෙසද කටයුතු කළේය.ප්‍රවීණ ගායිකා ඉනද්‍රාණි සේනාරත්න, සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාවය. හෙතෙම දරු තිදෙනකුගේ පියෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආද...
 
  • කඩුවෙල හෙරොයින් අලෙවි කළ
    බාප්පයි පුතයි අත්අඩංගුවට

    කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයේ විවිධ කටයුතු කරන පුද්ගලයන් සහ ප්‍රදේශයේ තරුණ තරුණියන් ඉලක්‌ක කර ඉතා දිගු කාලයක්‌ තිස්‌සේ මහා පරිමාණයෙන් සිදු කරන ද හෙරොයින් ජාවාරමක්‌ වටලා එහි තිබූ මත්කුඩු සමග එකම පවුලේ සැකකරුවන් දෙදෙනෙකු අත්අංගුවට ගැනීමට මිරිහාන නොවිසඳුනු අපරාධ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක...

 

  • අසාධාරණ ලෙස උපයා ඇති සුපිරි ලාභ
    නැවත ජනතාවට ලබා දිය යුතුයි

    පසුගියදා (02දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මෙසේ ප්‍රකාශ කළේය.අපි ආර්ථික විද්‍යාවේ මූලධර්මයට අනුව බැලුවොත් සුපිරි ලාභ හොයන්න බෑ තරඟ කාරීත්වයක්‌ තියෙනව නම්. අපි හිතමු පාරවල් හදනව කියලා. එතකොට පාරේ කිලෝමීටරයක්‌ හදන්න කීයක්‌ යනවද කියන එකට ඞ සමාගම...

  

  • ක්‍රීඩා ඇමැතිගෙන් අලුත් කොන්දේසි මාලාවක්‌
    ඉදිරියේදී ක්‍රීඩා සංගම්වලට අතුරු කමිටු තහනම්

    දේශපාලනඥයන්ට ක්‍රීඩා සංගම්වල
    දොර විවෘත කිරීම අගමැති තීරණයකින් පසු
    ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ජාත්‍යන්තරයට ගෙන ඒම සඳහා කොන්දේසි කිහිපයක්‌ ඉදිරිපත් කළ බවත්, එළැඹෙන ක්‍රීඩා සංගම් නිලවරණ සඳහා දේශපාලනඥයන්ට ඉදිරිපත්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු තීරණයක්‌ ගන්නා බවත් ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඊයේ (04 දා) 'දිවයින' ට පැවසීය.ශ්‍රී ලංකාවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 48...

  

Kapruka Shopping |  News





 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.