ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායක සිසිර සේනාරත්න මහතා ඊයේ (04දා) දහවල් අභාවප්‍රාප්ත විය. මියයන විට අසූ වැනි වියෙහි පසුවූ සේනාරත්න මහතා ජනප්‍රිය ගායකයෙකු මෙන්ම ගී තනු රචකයකු ලෙසද කටයුතු කළේය.

ප්‍රවීණ ගායිකා ඉනද්‍රාණි සේනාරත්න, සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාවය. හෙතෙම දරු තිදෙනකුගේ පියෙකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ සිසිර සේනාරත්න මහතා වඩාත් ජනප්‍රිය වූයේ "ඕලු නෙළුම් නෙරිය රඟාලා, පිදුරු සෙවිකළ පැල්පතේ, මාගෙ පුතුට මල්, ගයා ගීතයන් ගමේ වෙල් එළියේ වැනි ගීත ඔස්‌සේය. ඉන්ද්‍රානි සේනාරත්න මහත්මිය සමඟ "සිසිනද්‍රා" ප්‍රසංගය ලොව වටා පවත්වමින් විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන්ද පිනවූ සිසිර සේනාරත්න මහතා කලක සිට රෝගීව පසුවූවේය.

සිසිර සේනාරත්නයන්ගේ දේහය සෙනසුරාදා දක්‌වා කොළඹ ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු සෙනසුරාදා (7දා) සවස බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.