වෛරයේ ගිනිදළු දවා හළුකළ දරු පවුලක්‌



සමන්තුරය පොලිස්‌ බල ප්‍රදේශයේ වලතාපිටිය ගම්මානයම එදා කම්පාවට පත් විය. ඒ මහා ෙ€දවාචකය දැන ගත් සැනින් වැල නොකැඩි ජනතාව වලතාපිටිය ස්‌මයිල්පුර සුනාමි නිවාස පිටුපස පිහිටි සින්න තම්බි ආදම් ලෙබ්බේගේ නිවස අසලට රොක්‌ වූහ. ඒ වන විට එම ස්‌ථානයේ දිස්‌වූයේ අ`ඵ ගොඩකි. එම ගිනි ගත් සුන්බුන් සහ අ`ඵ ගොඩට මැදිව 43 න් හැවිරිදි ආදම් ලෙබ්බේ සහ ඔහුගේ අවුරුදු දෙකහමාරක්‌ වයසැති පුතු වකුටුව පිලිස්‌සී මිය ගොස්‌ තිබුණි.

ආදම් ලෙබ්බේ සහ බිරිඳ වන පිSරි මොහොමදු සිද්ධි ෂර්මිලාත් පස්‌ හැවිරිදි දියණිය වූ ආදම් ලෙබ්බේ රියා සහ අවුරුදු දෙකහමාරක්‌ වයසැති මොහොමඩ් රිපාන් යන අයත් සමගින් ජිවත් වූයේ වලතාපිටිය සුනාමි නිවාස පිටුපස පැල්පතක්‌ බඳු නිවසකය. එය තහඩු වටකොට වහළට පොල් අතු සෙවිලි කොට ගත් තනි කාමරයක්‌ ලෙස සැකසූ නිවසකය. සාලය, කුස්‌සිය, කාමරය ආදි සියල්ලම මෙම පුංචි කාමරයම විය.

ආදම් ලෙබ්බේගේ පාදයක්‌ කැඩී ආබාධිත තත්ත්වයෙන් පසුවීම නිසා ඔහු තැන් තැන්වලට ගොස්‌ ලැබෙන වැඩක්‌ ඉතා අපහසුවෙන් කර එසේත් නොමැති නම් කාගෙන් හෝ යමක්‌ ඉල්ලාගෙන විත් තම දරු පවුල පෝෂණය කරන්නට කටයුතු කෙරුවේය. ඔහුගේ බිරිඳත් ලැබෙන කූළියකින් හෝ ලැබෙන දෙයකින් මෙම පවුල පෝෂණය කළාය.

ආදම් ලෙබ්බේ මීට පෙර පදිංචිව සිටියේ මඩකලපුව ප්‍රදේශයේය. එහිදී ඇතිවූ සිද්ධියක්‌ සම්බන්ධව මොහු ඇතුළු කිහිප දෙනකු අධිකරණයෙන් වැරදිකරුවෝ වූහ. මොහුට රුපියල් පනස්‌ දහසක දඩයක්‌ ද ගෙවීමට සිදුවිණි. නමුත් එය ගෙවන්නට වත්කමක්‌ නොමැති හෙයින් මොහු නීතියෙන් සැ`ගව සිටියේය. වලතාපිටියේ පදිංචිව සිටින සමයේදී සමන්තුරය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ආදම් ලෙබ්බේට මාස තුනක සිර දඬුවමක්‌ නියම විය. මාසයක සිර ද`ඩුවම විඳිද්දී පාප් වහන්සේ ලංකාවට පැමිණීම නිසා පොදු සමාවකින් නිදහස ලැබ නැවතත් වලතාපිටියට පැමිණ ජීවත් වන්නට වූවේය.

පසුගිය 29 වැනි දින මෙම පැල්පත තුළ ළිප ඉදුනේ කුකු`ඵ මස්‌ සමගින් බත්ය. පුංචි දරුවෝ ඇතුළු සියලු දෙනා හො`දින් කුස පුරවා ගත්හ. රාත්‍රි 8. 30 ට පමණ මෙම දරු දෙදෙනා සහ පියා කුඩා නිවසේ පැදුරු කඩමාල්ලක ගුලිව සැතපෙන්නට වූහ. මව ජලය ගෙන ඒම සඳහා ඒ ආසන්නයේ සිය සැමියාගේ ඥාති සොහොයුරෙකුගේ නිවසට ගියාය.

රාත්‍රි 11. 30 ට පමණ 119 දුරකථන අංකය ඔස්‌සේ සමන්තුරය පොලිසියට නිවසක්‌ ගිනිගත් බවට තොරතුරක්‌ ලැබිණි. සැනෙකින් ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දහනායක, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පත්මසිරි ඇතුලු පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණියහ. ඒ වන විටත් සමන්තුරය පොලිසියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස්‌ නිලධාරින් පිරිසක්‌ද එම ස්‌ථානයට පැමිණ තිබුණි. සහකාර පොලිස්‌ අධිකාරි ගාමිණී තෙන්නකෝන් මහතාද එම ස්‌ථානයට පැමිණ පොලිස්‌ පරීක්‍ෂණයන් කඩිනම් කරන්නට වූවේය.

ඇවිළ තිබුණ ගින්නෙන් එම කුඩා නිවස මු`ඵමනින්ම වාගේ දැවී ගොස්‌ තිබුණද තැන් තැන්වල ගින්න ඒ වන විටත් ඇවිළෙමින් තිබුණි. සැනෙකින් එම ගින්න නිවා දැමීම සඳහා පොලිස්‌ නිලධාරීන් කටයුතු කරද්දී ඉතා ශෝaචනීය ඉරණමට ලක්‌වුණ අවුරුදු දෙකහමාරක පුතු සහ පියා නිදි පැදුරේ වකුටුව නිදා ගත් අයුරෙන්ම දැඩි ලෙස පිළිස්‌සී මියගොස්‌ එම නිවසේ අ`ඵ ගොඩ අතර දැකගත හැකිවිය. ඒ වන විටත් නිවසේ සිටි ගින්නෙන් පිළිස්‌සී දිවි බේරා ගත් දියණිය රියා ප්‍රදේශවාසීන් විසින් අම්පාර රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.

මෙලෙස ඇතිවූ ගින්න ලාම්පුවක්‌ පෙරළි ඇති වූවක්‌ද? නොමැතිනම් මෙය කිසිවෙක්‌ විසින් කළ ගිනිs තැබීමක්‌දැයි හෙළිදරව් කර ගැනීමට පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ විය. මේ අතර දිවි ගලවා ගත් රියා දියණිය තවත් තොරතුරක්‌ අනාවරණය කරන්නට වූවාය. ඒ රෝහලේ ප්‍රතිකාර ලබන අතරවරායේදීය.

ඇය කී කතාවට අනුව කෑම කා සියල්ලෝ නිදන්නට වූහ. මල්ලි සහ පියා ඒ වන විටත් තද නින්දේය. කුමන හෝ හේතුවක්‌ මත මෙම දැරියට නින්ද පමා වී තිබිණි. මඳ වේලාවක්‌ යද්දී ඇයගේ දෑස්‌ පියන්පත්ද නිදිබරින් වැසි යන්නට විය. එක්‌ වරම තමන්ගේ සිරුර පිළිස්‌සෙන අයුරු ඇයට දැණිනි. සැනෙකින් නිදි ගැට ඇර දෙනෙත් විවර කර බලද්දී ඇය දුටුවේ තමන්ගේ නිවස මු`ඵමණින්ම ගිනි ගන්නා ආකාරයයි. චිරි.. චිරි නාදය දෙමින් පොල් අතු වහලයේ ගිනි දලුවලින් අන්ධකාරය පලාගොස්‌ අවට සෑම තැනම එළියවී තිබුණි. ගිනි රස්‌නෙන් ඇයගේa සිරුර දවන්නට විය. සැනෙකින් පණ බේරා ගැනීම සඳහා ඈ නිවෙසේ තහඩු දොර විවර කොට එළියට පැන්නාය.

මම එහෙම පනින්න හදද්දී එළීයේ දොර ළ`ග කොනක කෙනෙක්‌ හිටියා. මම හිතන්නේ හිටියේ බාප්පා කියලා. මම බාප්පේ කියාලා බාප්පගේ ඇඟේ එල්ලුනා. උඹ මැරුණේ නැද්ද? එහෙනම් උඹත් පලයන් ඇතුළටම කියලා මාව ගේ ඇතුළට තල්ලු කළා. පස්‌සේ මම හ`දුනා ගත්තා ඒ බාප්පා නොවෙයි කියලා. අපේ ගේ කිට්‌ටුව ඉන්න නියාස්‌ මාමා තමයි එතන ඉඳලා මාව තල්ලු කළේ" යනුවෙන් මවත් සමග පැවසීමත් සමගම පොලිස්‌ පරික්‌ෂණ තවත් අතකට යොමු වන්නට විය. නමුත් මෙම දැරියගේ කෑ ගැසීම අසා ඒ ආසන්න නිවසක සිටි මව සහ ඇයගේ ඥාතීන් සහ අසල්වාසීන් පැමිණ සිත් පිත් නැතිව යක්‍ෂයකු විලසින් ඇවිළෙමින් තිබුණු ගින්නෙන් එම දැරිය බේරා අම්පාර රෝහල වෙත රැගෙන යන ලදී.

සිද්ධිය වූ ස්‌ථානයට සමන්තුරය අතිරේක මහෙස්‌ත්‍රාත් එම්. නසීර් මහතා පැමිණ අදාළ සිද්ධිය වූ ස්‌ථානය පරීක්‍ෂා කළේය. පසුව අම්පාර රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි බී. සී. එස්‌. පෙරේරා විසින් පරීක්‍ෂණ පවත්වන්නට විය. සමන්තුරය පොලිසිය විසින් 30 වැනි දිනම මෙම මරණයට සැක පිට එම නිවස ආසන්නයේම පදිංචිව සිටි මොහමඩ් නියාස්‌ (41) නැමැත්තා අත්අඩංගුවට ගත්තේ දිවි ගලවා ගත් දැරියගේ ප්‍රකාශය මතය. ඒ ඔස්‌සේ පරික්‌ෂණ පවත්වන්නට යෙදුන පොලිසියට තවත් වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය විය.

නියාස්‌ නමැත්තා මීට පෙරද විවිධාකරයේ වැරදි සඳහා පොලිස්‌ අත්අඩංගුවට පත්ව රටේ ලියාපදිංචි අපරාධ කරුවන්ගේ ලැයිස්‌තුවේ සිටින අයෙකි. එම නියාස්‌ සහ මියගිය ආදම් ලෙබ්බේ අතරද යම් ආරාවුලක්‌ ඇතිව තිබුණි.

ඒ පිළිබඳව අධිකරණයේ නඩුවක්‌ විභාග වෙමින් පැවති අතර එහි විත්තිකරු වන්නේ එම සිද්ධිය වූ ස්‌ථානයේ සිට නැවතත් දැරිය ගින්නට තල්ලු කළා යෑයි පවසන මොහමඩ් නියාස්‌ය. එහි පැමිණිලිකරු වන්නේ මියගිය ආදම් ලෙබ්බේය. එම නඩුවේ තීන්දුව මාර්තු මාසයේදී නිකුත් කිරීමට නියමිතව තිබුණ බවද එම නිසා මෙම මරණය සිදු වන්නට අත්දැයිද පොලිසියට සැක පහළ වී තිබේ. එම නිසා සැකකාර නියාස්‌ 13 වනදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට සමන්තුරය අධිකරණයෙන් නියෝග ලැබී ඇත.

මෙම ගිනිගත් නිවස පරීක්‍ෂා කිරීම සඳහා රජයේ රස පරීක්‍ෂක නිලධාරීන්ද පැමිණීමට නියමිතව තිබිණි. එබැවින් අඛණ්‌ඩව මෙම ස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව ලබාදී ඇත. මෙම නිවසේ වාසය කරන්නෝ කුප්පි ලාම්පු එළියෙන් රාත්‍රිය ගත කළත් තමන් නිවසින් යන විට කුප්පි ලාම්පුව නිවා ගිය බවද එම දැරියගේ මව පවසා සිටින්නීය. එසේ නම් මෙය කුමන ආකාරයෙන් සිදු වූවේද?

මේ පිළිබඳව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සජීව මැදවත්තගේ උපදෙස්‌ මත කල්මුණ සහකාර පොලිස්‌ අධිකාරි ගාමිණි තෙන්නකෝන්ගේ අධික්‍ෂණයෙන් සමන්තුර පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දහනායකගේ මග පෙන්වීමෙන් අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක යූ. ඒ. පත්මසිරිගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන්වරුන් වන (25384) සලාම්, (15415) නසූර් , (43968) රිපයිඩින් සහ පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (35754) මුණසිංහ, (83222) විඡේකෝන් ඇතුළු නිලධාරීන් පිරිසක්‌ පරීක්‍ෂණ පවත්වති.

සුසන්ත අමරබන්දු
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.