පාවෙන අවි ගබඩාව නිත්‍යානුකූල බව පිළිගනී

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් මර්දනය කිරීම සඳහා යොදවා තිබූ පාවෙන අවි ගබඩාව සම්බන්ධව 2015 ජනවාරි 18 දා සිට ඇති ව තිබූ ආන්දෝලනාත්මක අර්බුදය අවසන් කරමින් එකී මෙහෙයුම නිත්‍යානුකූලව සිදුවුවක්‌ යෑයි රජය පිළිගෙන ඇත.

පාවෙන අවි ගබඩාව සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් බඳවා ගැනීමත් රජයට මුදල් ගෙවීමත් නීත්‍යානුකූලව සිදු වී ඇති බව රජයේ විමර්ශනයෙන් සනාථ වී තිබේ.

මෙකී පාවෙන අවි ගබඩාව මෙහෙය වූ රජය සතු රක්‌නා ලංකා ආරක්‍ෂක සමාගමට පාවෙන අවි ගබඩාවේ මුහුදු ආරක්‍ෂකයන් යෙදවීමට ආරක්‍ෂක අමාත්‍යාංශය අවසර දී තිබූ බව තවදුරටත් තහවුරු වී ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.