රට බේරාගත් මහින්ද, ගෝඨාභය
ශ්‍රේෂ්ඨ නායකයන් දෙදෙනාට නින්දා අපහාස එපා
පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි

අනුර බාලසූරිය - කතරගම කේ. ඩී. දේවප්‍රිය

වසර 30 ක්‌ තිබූ යුද්ධයෙන් මේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වැනි ශ්‍රේෂ්ඨ නායකයන් දෙදෙනාට නින්දා අපහාස සිදුවන විදියට කටයුතු නොකර ඔවුන්ගේ ආත්ම ගරුත්වය ආරක්‍ෂා වන අයුරින් කටයුතු කරන ලෙස පුරාවිද්‍යා චක්‍රවර්ති පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමිපාණෝ පැවසූහ.

මේ රත්‍රං මිනිසුන් දෙදෙනාට නින්දා අපහාස සිදුවන විදියේ වචනයක්‌ යම් කෙනෙක්‌ කතා කරන්නේනම් ඔහු තරම් ජාතිෙද්‍රdaහියෙක්‌, දේශෙද්‍රdaහියෙක්‌ මේ රටේ නැතැයි ද උන්වහන්සේ පැවසූහ.

සුදු අධිරාජ්‍යවාදීන් මේ රට අත්කර ගැනීමේ ගිවිසුම ගැසට්‌ මගින් නීතිගත කර වසර 200 ක්‌ සපිරුණු ඊයේ (15 දා) සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියාකළ අතීත රණවිරුවන් හා වසර 30 ක යුද්ධය නිමා කිරීමට දිවිදුන් රණවිරුවන් සිහිපත් කරමින් කතරගම කිරිවෙහෙර අභියසදී පැවැති මෙම පිං අනුමෝදම් කිරීමේ ආගමික උත්සවයට එක්‌වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික උත්සවය පැවැත්විණි.

ජාතික විරු සමරු සංසදය සංවිධානය කරන ලද මෙම පිං අනුමෝදම් කිරීමේ ආගමික වැඩසටහන කතරගම දේවාල භූමියේ පිහිටි අෂ්ඨඵල බෝධිය අභියසින් ආරම්භ වූ අතර මහා සංඝරත්නය හා ප්‍රදේශවාසීන් රැසක්‌ සමගින් සාදුකාර දෙමින් කිරිවෙහෙර අභියස වෙත පැමිණ කිරිවෙහෙරට මල් පහන් පූජා කර ආගමික වැඩසටහන් ආරම්භ කෙරිණි.

මෙහිදී අනුශාසනාවක්‌ සිදුකළ පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පැවසුවේ අද අපි ඓතිහාසික සිද්ධස්‌ථානයකට එක්‌වෙලා ඉන්නේ ඓතිහාසික වැඩසටහනක්‌ සිදු කිරීමටයි. අපේ ලිත ඉතිහාසය ආරම්භවෙලා තියෙන්නේ විජය රජුගෙන්. අවසාන වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන්. එදා සිට මේ දක්‌වා රට පාලනය කළ රජවරුන් 186 දෙනකු ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ රජවරුන් හා එක්‌ව ලංකාවේ ජනයා මේ රටේ ස්‌වාධීනත්වය, ගරුත්වය උරුමයන් රැකගැනීමට ක්‍රියා කළා. රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ජීවිත රැසක්‌ පුද කළා. එදා දුටුගැමුණු මහා රජතුමා එළාර සමග සටන රුහුණෙන් ආරම්භ කළ දින සිට 1815 මාර්තු 02 වැනිදා දක්‌වා මේ රට බේරාගැනීමට කටයුතු කළ ජාතික වීරයන් ගැන කොතෙකුත් සඳහන් වෙනවා. පෘතුගීසීන්ගෙන් (පරංගින්) මේ රටේ මුහුදුබඩ ප්‍රදේශය අල්ලාගෙන මේ රටට ජනතාවට කළ විනාශය ඉතිහාසයේ හොඳට සඳහන් වෙනවා. පෘතුගීසීන් රටෙන් පළවා හරින්න දිවිපිදූ අපේ ජාතික වීරයන් විශාල පිරිසක්‌ ක්‍රියාකළා. ඉන් පස්‌සේ ලන්දේසින් මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කරලා මේ රටේ ජනයාට කළ වින්නැහිය විශාලයි. ඉන්පසු 03 වැනි ආක්‍රමණිකයන් වූ ඉංග්‍රීසින් අප රට යටත්කර ගැනීමට කළ ක්‍රියාවලියේදී රට වෙනුවෙන් දිවි පිදූ ජනතාව, වීරවරයන් මේ මහා පොළවේ වැලිකැට ගණනට ගණන් කරන්න පුළුවන්. ඉංග්‍රීසීන්ට විරුද්ධව මේ රට බේරා ගැනීමට සටන් වැදුණු අපේ වීරයන් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා පාවා දුන් ජාතික ෙද්‍රdaහීන් පිරිසක්‌ අපේ රටේත් හිටියා. සිංහලයන් අතර අපේ රජතුමා බ්‍රවුන්ඩ්රික්‌ට පාවා දුන්නා. ෙද්‍රdaහීන් 11 දෙනකු එකතුවෙලා මොකද කළේ. 1815 මාර්තු 02 වැනිදා මහනුවරදී මේ රට එංගලන්තයට ලියා දුන්නා. සිදුවූ විපත ඉංග්‍රීසීන්ට රට පාවා දුන් අයගෙන් පිරිසක්‌ 1817 දී රටට වූ හානිය තේරුම්ගෙන ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගන්නා ජාතික අරගලයක්‌ කළා. රට බේරා ගන්න විශාල පිරිසක්‌ තම ලේ බිම හැලුවා. රට පාවා දුන් ගිවිසුම 1815 මාර්තු 15 වැනි දින අද වගේ දිනයකදී ගැසට්‌ කළා. ඒ ෙද්‍රdaහීන් කළ ෙද්‍රdaහී ක්‍රියාව සංවේගයෙන් සිහිපත් කරමින් එයට එරෙහිව නැගී සිටි ජීවිත පරිත්‍යාග කරපු අප්‍රමාණ අපේ ජාතික වීරයන් සිහිපත් කරලා පිං අනුමෝදම් කිරීමේ අරමුණින් ජාතික වීර සංසදය මේ පිංකම සංවිධානය කර තිබෙන්නේ.

මේ රට තිස්‌ අවුරුද්දක බරපතළ සාපයකින් පෙලුනා. මනුෂ්‍යයකුට කිසිම තැනක බියක්‌ නැතුව පාරට බැහැල යන්න පුළුවන් කමක්‌ තිබුණේ නෑ. ඒ තත්ත්වය නැතිකරලා ත්‍රස්‌තවාදය පරාජය කරලා සාමය උදාකර රට සංවර්ධනය සඳහා ක්‍රියාකළේ. ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්‌ වන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා හා එතුමාගේ සහෝදර ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.

මේ රටේ පහළ වූ මේ රත්‍රං මිනිසුන් දෙදෙනාට නින්දා අපහාස සිදුවන විදියේ වචනයක්‌වත් කතාකරනවා නම් යම් කෙනෙක්‌ ඔහු තරම් ජාතිෙද්‍රdaහියෙක්‌, දේශෙද්‍රdaහියෙක්‌ මේ රටේ දකින්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා මා ඉතා කරුණාවෙන් කියන්නේ මේ රත්‍රං මිනිසුන් දෙදෙනාට අපහාස වන විදියට කටයුතු නොකර මේ දෙදෙනාගේ ආත්ම ගෞරවය ආරක්‍ෂා වන විදියට ක්‍රියාකරන්න කියලා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමිපාණෝ - අපේ හාමුදුරුවෝ කියපු දේ අහපු නැති නිසා අප රටේ මිනිස්‌සු ගොඩක්‌ දේවල් වරද්ද ගත්තා. දැන්වත් මේ හාමුදුරුවෝ කියන දේ අහන්න ඕන. නැතිනම් රට පරදිනවා.

අද අපි කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිරිපිට සිටිමින් ඉටුකරන්නේ ඉතා ජාතික වැදගත් යුතුකමක්‌.

මේ රටේ ඒකීයභාවය සුරක්‍ෂිතභාවය රැකෙන්නෙ හැමදාම ජීවිතය පරදුවට තැබූ අභීත විරුවන් නිසයි. ඒ අපේ අභීත අතීත විරු පරපුර සිහිකරන්න අද දවස හොඳ දවසක්‌.

මේ කාලය තුළ සුදු අධිරාජ්‍යවාදයේ විවිධ බලපෑම් තුළ ජීවිත පරිත්‍යාග කළ බව සිහිපත් කිරීම අද ජීවත් වන අප හැමදෙනාගේම යුතුකමක්‌.

1815, 1915 දැන් මේ 2015 මේ හැම අවස්‌ථාවකම අපේ සිංහලකම නිසා ජයගත්තා. එනිසා මේ අවස්‌ථාවේ අපි හොඳින් දැනගත යුතුයි ජාති හිතෛෂීන් කවුද කියලා. ඒ වගේම මේ ජාතිය දේශය වනසන්න එන අය කවුද කියලා.

මේ රට කඩන්න දෙන්න බෑ. එහෙම වුණොත් විතරයි මේ රට ඒකීය රටක්‌ විදියට තියෙන්නේ. එහෙම නැති වුණොත් ජාතික අරගලය වගේ අරගල හදලා අපේ රටේ ඉන්න ජන නායකයන්ට චෝදනා කරලා මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ වැනි අපේ රටේ මේ නායකයන් හිරකරන්න පුළුවන්.

ඒ නිසා මේ දේවල් මැනවින් හඳුනාගත යුතුයි. ඉන්දියාව ලංකාව ගැන දැන් බොහොම සතුටු වෙනවා. ඒවගේම තමයි ඇමරිකාව, බ්‍රිතාන්‍ය අප රට දකින්නේ කොහොමද? ඒ ගැන මේ ජාතික වීරයන් සමරන දවසේ මා කියන්නේ රටේ මිනිස්‌සු අදවත් තේරුම් ගත යුතුයි මේ රට දෙකඩ නොකර පවත්වාගෙන යන්න. ඒ සඳහා අවශ්‍ය වන්නේ විදේශයන් සතුටු කරන එක නොවෙයි.

පදලංගල ධම්මදේව හිමිපාණෝ - මේ රටේ මිනිසුන් තුළ මහත් ආදරයක්‌ ගෞරවයක්‌ මහින්ද රාජපක්‍ෂ කියන නමට තියෙනවා.

මේ පිංකමේදී හොඳ අදහසක්‌ මැදගොඩ හාමුදුරුවෝ දුන්නා. ඒ ජාතික නිදහසේ වර්තමාන සාක්‍ෂිය කියලා. අපේ ජීවිත කාලය තුළ අපි දැක්‌ක ගෞරව කරන්න පුළුවන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය ගෙයක්‌ ගෙයක්‌ පාසාම තබලා අපි මැරෙනකන් ගරු කළ යුතුයි. ඒ වෙන එකක්‌ නිසා නොව තිස්‌වසරක ඒ බිහිසුණු යුද්ධය නිමා කරන්න මහා පුදුම පෞර්ෂයක්‌ තිබුණා ගිරුවා පත්තුවට.

අපේ ජීවිත කාලයේ ජනාධිපතිවරු කීදෙනෙක්‌ සිටියාද ඒ කිසිවකුට යුද්ධය අවසන් කරන්න බැරිවුණා.

රණවිරුවන් සඳහා ජාතික වීර ප්‍රතිපත්තිය ද ඉදිරිපත් කෙරිණි.

මෙම අවස්‌ථාවට දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පල්ලත්තර සුමනජෝති නාහිමි, කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ප්‍රේමසිරි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, උදිත ලොකු බණ්‌ඩාර, මනුෂ නානායක්‌කාර, සාලින්ද දිසානායක, නාමල් රාජපක්‍ෂ, ජානක වක්‌කුඹුර, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරු ඇතුළු කලාකරුවන් හා සැදැහැවතුන් විශාල පිරිසක්‌ එක්‌වූහ.



පින්කමට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිස

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.