රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල

මහරගම - උදේනි චන්ද්‍රසිරි



හොඳම නාට්‍යය - මෙය තුවක්‌කුවක්‌ නොවේ
හොඳම නළුවා - ගිහාන් ප්‍රනාන්දු
හොඳම නිළිය - ජයනි සේනානායක

වසරේ හොඳම නාට්‍යය ලෙස චමිල ප්‍රියංකගේ මෙය තුවක්‌කුවක්‌ නොවේ" රාජ්‍ය සම්මානයෙන් පුද ලැබීය. එමෙන්ම හොඳම දමිළ නාට්‍යය ලෙස ලීලාමනි සෙල්වරාඡ්ගේ "පරයන්" රාජ්‍ය සම්මානය හිමිකර ගත්තේය.

ඊට අමතරව හොඳම අධ්‍යක්‍ෂණය හොඳ ස්‌වීය රචනය යන සම්මානද "මෙය තුවක්‌කුවක්‌ නොවේ" හිමිකර ගනිද්දී ද්‍රවිඩ අංශයේ හොඳම රචනය, හොඳම නළුවා සහ හොඳම නිළිය යන සම්මානද "පරයන්" විසින් හිමිකර ගත්තේය.

හොඳම කෙටි සිංහල නාට්‍යය කේ. ඩබ්ලිව්. ටී. හිමාෂිගේ "කාටත් හොරෙන්"ය.

"සාදය මාරයි සල්ලි හමාරයි" හි රඟපෑ ගිහාන් ප්‍රනාන්දු වසරේ හොඳම නළුවා ලෙසත්, එම නාට්‍යයේ රඟපෑ ජයනි සේනානායක, හොඳම නිළිය ලෙසත් සම්මාන හිමිකර ගත්හ.

"මෙය තුවක්‌කුවක්‌ නොවේ" නාට්‍යයේ කනිෂ්ක ප්‍රනාන්දු හොඳම සහාය නළුවා ලෙසද, "මේරි උයන" රඟපෑ නිපුනි ශාරදා පතිරගේ හොඳම සහාය නිළිය ලෙසත් සම්මාන හිමිකර ගනිද්දී "පරයන්" හි රඟපෑ ආර්. ලෝකනාදන් හොඳම දමිල නළුවා ලෙසද, "ඉරුම්බල් පොර්තිය ඉදයම්"හි රඟපෑ ලීලාවතී සෙල්වරා- හොඳම දෙමළ නිළිය ලෙසද සම්මාන හිමිකර ගත්හ.

"කාටත් හොරෙන්" හී රඟපෑ සරත් කරුණාරත්න හොඳම කෙටි නාට්‍ය නළුවා ලෙස හා එහි රඟපෑ කැළුම් කේ. ගම්ලත් හොඳම කෙටි නාට්‍ය නිළිය ලෙසද සම්මාන හිමිකර ගත්හ.

රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සංස්‌කෘතික රාජ්‍ය ඇමැති නන්දිදත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සෙසු සම්මානලාභීන් මෙසේය.

හොඳම රංගාලෝකය( ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟමු නාට්‍යයේ ලලිත් හර්ෂ අතාවුද, හොඳම පසුතල නිර්මාණය( කාටත් හොරෙන් නාට්‍යයේ කේ. ඩබ්. ටී. හිමාෂි, හොඳම අංග රචනය( ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟමු නාට්‍යයේ හර්ෂ මංජුල, හොඳම වේදිකා පරිපාලනය( කාටත් හොරෙන් නාට්‍යයේ කේ. ආර්. අකලංක ප්‍රභාෂ්වර සහ සමීර කුලතුංග, සංගීත නිර්මාණය කුසලතා සහතිකය( මරා උපන් කුමරා නාට්‍යයේ ලහිරු මඩවිල, හොඳම රංග වස්‌ත්‍ර නිර්මාණය( කාටත් හොරෙන් නාට්‍යයේ කේ. ඩබ්. ටී. හිමාෂි, හොඳම සංගීත නිර්මාණය( ඊe ජය්බටැ නාට්‍යයේ පාලිත අබේරත්න, හොඳම රංග වින්‍යාසය( කාටත් හොරෙන් නාට්‍යයේ කේ. ඩබ්. ටී. හිමාෂි මෙනවිය, රංගනය කුසලතා සහතිකය( ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟමු නාට්‍යයේ, සමන්ත පරණලියනගේ, හොඳම නළුවා( කාටත් හොරෙන් නාට්‍යයේ සරත් කරුණාරත්න, හොඳම නිළිය කෙටි නාට්‍ය (සිංහල)( කාටත් හොරෙන් නාට්‍යයේ පී. එච්. කැළුම් කේ. ගම්ලත්, හොඳම රචනය කෙටි නාට්‍ය (සිංහල)( ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟමු නාට්‍ය රචනා කළ එස්‌. එම්. µqඩ් ලසන්ත ක්‌ලෝඩියස්‌, හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනය( කාටත් හොරෙන් නාට්‍ය නිෂ්පාදනය කළ කේ. ඩබ්. ටී. හිමාෂි, හොඳම රංගාලෝකය( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍යයේ හිරාන් අබේසේකර සහ ලහිරු රත්නායක, හොඳම රංග වස්‌ත්‍ර නිර්මාණය( වෙරි උයන නාට්‍යයේ දිනුෂිකා සෙනවිරත්න, විජිනි දිල්හාරා සහ දිලානි වීරකෝන්, හොඳම පසුතල නිර්මාණය( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍යයේ එල්. කේ. ඩී. ඩී. අමරතුංග, ලක්‌ෂාසි අමරතුංග සහ බියංකා හංසි, හොඳම අංග රචනය( මෙත්තාරා නාට්‍යයේ උපුල් මහානාම, හොඳම වේදිකා පරිපාලනය( සාදය මාරයි සල්ලි හමාරයි නාට්‍යයේ අරුණ ජයසේන, හොඳම සංගීත නිර්මාණය( මෙත්තාරා නාට්‍යයේ ශාන්ත පීරිස්‌ සහ ඉන්ද්‍රජිත් මිරිහාන, හොඳම රංග වින්‍යාසය( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍යයේ හිරාන් අබේසේකර, හොඳම සහාය නළුවා( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍යයේ කනිෂ්ක ප්‍රනාන්දු, හොඳම සහාය නිළිය( වෙරි උයන නාට්‍යයේ නිපුනි හාරදා පතිරගේ, ජූරියේ විශේෂ සම්මානය රංගනය( එනමි "සතුරන්ට එරෙහිව" නාට්‍යයේ රංගනය සඳහා නීල් අලස්‌, හොඳම ස්‌විය රචනය( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍ය රචනා කළ චමිල ප්‍රියංක, හොඳම අධ්‍යක්‍ෂණය දිගු නාට්‍ය( මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍යයේ අධ්‍යක්‍ෂ චමිල ප්‍රියංක, හොඳම නාට්‍ය නිෂ්පාදනය-2015( චමිල ප්‍රියංක මෙය තුවක්‌කුවක්‌ නොවේ නාට්‍ය.
 

 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.