කූරගල ගිය සිහළ රාවයට ජල ප්‍රහාර

චමින්ද සිල්වා

පොලිස්‌ අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසා සිහළ රාවය සංවිධානයට ජල ප්‍රහාරයක්‌ එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය පෙරේදා (04 වැනිදා) පියවර ගෙන ඇත.

කූරගල ඓතිහාසික භූමියේ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස බලකරමින් පෙරේදා පෙරවරුවේ සිට කූරගලට ගමන් ගන්නා මාර්ගය හරස්‌ කරමින් සිහළ රාවය සංවිධානයේ නායක අක්‌මීමන දයාරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දෙසීයක පමණ ගිහි පිරිසක්‌ එක්‌ව විරෝධතාවක නිරත වී ඇත.

ඉන් අනතුරුව උද්ඝෝෂණයේ නිරත පිරිස කූරගල ඓතිහාසික භූමියට යකඩ උල්, උදලු ආදිය රැගෙන ඇතුළුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ කල්තොට පොලිසිය බලංගොඩ අධිකරණයෙන් ලබාගත් නියෝගයක්‌ පෙන්වමින් එහි ඇතුළු නොවන ලෙස කළ ඉල්ලීම ඉවත දමා ඔවුන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත. මේ නිසා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවාහැරිය බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදු වී හෝ අත්අඩංගුවට ගැනීමක්‌ සිදු නොවූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.