සෙල්ලම්බඩු රඡ්ජුරුවෝ !

ව්‍යවසායකයන්ගේ හීන බොහොම පුදුමයි. ඒ වගේම අරුමයි. ලුවී මාක්‌ස්‌ උපත ලැබුවේ 1896 වසරේ නිව්යෝක්‌ ප්‍රාන්තයේ බෲක්‌ලින් නගරයේදි. ඔහුගේ මව්පියන් යුදෙව් සම්භවයක්‌ ඇත්තන් වූහ. වයස අවුරුදු 15 පමණ වෙන විට අධ්‍යාපනය අවසාන කළ ඔහු මුලින්ම රැකියාවක්‌ ලෙස "ෆර්දිනන්ඩ් ස්‌ට්‍රවුස්‌" සමාගමේ රැකියාවක්‌ වෙනුවෙන් ගියේය. මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වුණේ කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු වර්ගයි. ලුවිගේ කාර්යක්‌ෂම හා ඵලදායි සේවාව නිසාම 1916 වන විට ඔහු නැගෙනහිර රදර්ෆොaඩ් ප්‍රදේශයේ ස්‌ථාපිත සෙල්ලම් බඩු කම්හලේ කළමනාකරු වුයේය. තරුණ ජවය නිසාම ඔහු අයුක්‌තිය, අසාධාරණය වෙනුවෙන් නිරන්තරව හඬ නගන ලදී. මේ නිසාම ලුවි මාක්‌ස්‌ මෙම කම්හලෙන් නෙරපා හරින ලදී.

රැකියාවෙන් නෙරපා හැරියද ඔහුගේ ආත්ම ශක්‌තිය එයින් සිඳී ගියේ නැත. ඔහු එතැනින් නොනැවති හමුදා සේවයට සාමාන්‍ය සෙබළෙක්‌ ලෙසින් සම්බන්ධ වූයේය. ඔහුගේ සේවා කැපවීම නිසාම හමුදාවේ සාජන්වරයෙක්‌ ලෙස 1918 වසරේ සේවය අවසාන කළේය. තමන්ගේ මුල්ම රැකියාව ලෙසින් ලද සෙල්ලම්බඩු කර්මාන්ත ශාලාවේ වෘත්තිය ජිවිතය ඔහුගේ අනාගතය ශක්‌තිමත් කළේ ඉතා අපූර්වයක්‌ ලෙසින්ය. සිය සහෝදරයා වු ඩේවිඩ් සමග සම්මාදමෙන් 1919 සෙල්ලම් බඩු කර්මාන්ත ශාලාවක්‌ ආරම්භ කළ අතර එය "මාක්‌ස්‌ සෙල්ලම්බඩු කොම්පැනිය" යනුවෙන් නම් කරන ලදී.

ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වය එක රැයකින් බිහිවෙන්නක්‌ නොවේ. එහි දිගු ගමන් මාර්ගයක පියසටහන් ඇත. ලුවි මාක්‌ස්‌ගේ ව්‍යාපාරික ජීවිතයද එම තත්වයෙන් ඔබ්බට ගියේ නැත. ඔහු මුලින්ම ආරම්භ කළේ සෙල්ලම්බඩු නිෂ්පාදකයන්ගේ අතරමැදි කර්මාන්තයන්ය. කාලයත් සමඟ මුල්‍යමය ලෙසින් ලද ස්‌ථාවරත්වය නිසා තමන්ගේ ව්‍යාපාරික ආයතනය වෙනුවෙන් සෙල්ලම්බඩු අතුරු නිෂ්පාදනයන් නිපදවීමට අවශ්‍ය යන්ත්‍රොaපකරණ මිළදී ගන්නට ඔහු සමත් වූයේය.

මේ නිසා ලුවි මාක්‌ස්‌ "ඇලබැමා කුන් ජිගර්" සහ "සිපෝද ක්‌ලයිම්බින් මන්කි " යන සෙල්ලම් බඩුවල නිෂ්පාදන අයිතිය තමන්ගේ ආයතනය සතු කරගත්තේය. මෙම සෙල්ලම්බඩු වෙනුවෙන් තමන්ගේ නිර්මාණශීලි අදහස්‌ද ආයෝජනය කරමින් යම් යම් වෙනස්‌කම් ඇති කරන ලදී. ලුවිගේ නිර්මාණශීලිත්වය කෙතෙක්‌ද යත් ඔහු නව නිෂ්පාදනයක්‌ වෙළඳපොලට එක්‌ කරන ලද්දේ "මෙන්න..... මාක්‌ස්‌ගේ තවත් සෙල්ලම් බඩුවක්‌.... මෙය ඔබ වෙත තිබෙනවාද?...." යනුවෙන් අලුත් මාදිලියේ ප්‍රචාරණයක්‌ සමගය. ව්‍යවසායකත්වය තුළ ප්‍රචාරණයේ වැදගත්කම කෙතෙක්‌ද යත් මෙම සෙල්ලම්බඩු පිළිබඳ සන්නිවේදනය ඉතා ප්‍රබලව සමාජගත විය. ඔවුන්ගේ තවත් උපායක්‌ වූයේ අඩු මිළකට වැඩි සෙල්ලම් බඩු ප්‍රමාණයක්‌ පාරිභෝගිකයාට ලබා දීමයි. නමුත් මෙහිදී සෙල්ලම්බඩුවේ ප්‍රමිතිය බාල කිරීමක්‌ ඔවුන් සිදු කළේ නැත. ඒ නිසාම ලුවීගේ සෙල්ලම්බඩු වෙනුවෙන් විශාල ඉල්ලුමක්‌ ඇති විය.

මෙම ව්‍යාපාරික ගමන්මඟ නිසාම වයස අවුරුදු 26 ක්‌ වෙන විට ලුවී මාක්‌ස්‌ ඩොලර් මිලියන පතියෙක්‌ වී හමාරය. 1951 වසර වෙන විට ඔහුගේ සෙල්ලම්බඩු කර්මාන්තශාලා 12ක්‌ ලොව පුරා පැතිරී තිබුණි. මේ නිසාම ලුවී වෙනුවෙන් බොහෝ විරුදාවලි ගොඩ නැගෙන්නට විය. "ඇමරිකාවේ සෙල්ලම්බඩු ර-ජුරුවෝ", "සෙල්ලම්බඩු කර්මාන්තයේ හෙන්රි පෝඩ්", "සෙල්ලම් බඩු කර්මාන්තයේ උකුස්‌සා" සහ "ටෝයි කුවේරයා" යන නම් ඒ අතර විය. ඔහු කතා බහ කරන විට නිරන්තරව අත පය විසි කරමින් කතා බහ කළ නිසාම "වයින් කරපු සෙල්ලම් බඩුව" යන නම් පට බැඳෙන්නට විය.

1972 වසරේ ඔහු තමන්ගේ ව්‍යාපාරය ඩොලර් මිලියන 54 කට ක්‌වෙක්‌ර් ටිස්‌ සමාගමට විකුණන ලදී. සාර්ථක පුද්ගලයෙකු ලෙසින් ජීවිතයේ වසර 85 ක්‌ ගෙවු ලුවී මාක්‌ස්‌ 1981 වසරේ නිව්යෝක්‌ නගරයේ දී අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ නාමය සිහිපත් කිරීම වෙනුවෙන් වර්ජිනියාවේ මවුන්ඩ්ස්‌විල් නගරයේ සෙල්ලම්බඩු කෞතුකාගාරයක්‌ ආරම්භ කරන ලදී.

Ö පුන්‍යා චාන්දනි ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.