පිටසක්‌වලකින් පැමිණි ලෝහ ගෝලය

ෂෙෆිල් විශ්ව විද්‍යාලයේ ආචාර්ය මිල්ටන් වේන්රයිට්‌ මෙම බැලුනය යොදා ගත්තේ වායුගෝලයේ සිට සැතැපුම් දහසයක්‌ පමණ ඉහළින් වූ වායුගෝලයේ දුවිලි අංශු සහ වෙනත් පදාර්ථයන් පිළිබඳව අධ්‍යනයේ යෙදෙන්නයි.

ඔවුන් උඩු ගුවනට බැලූනයක්‌ යවනු ලැබුවේ කාලගුණ තොරතුරු ලබා ගන්න මිස පිටසක්‌වල ජීවින්ගෙන් තෑගි බලාපොරොත්තුව නොවෙයි. නමුත්.. බැලූනයේ ඇලී පෘථිවියට පැමිණ ඇති මේ ගෝලය පිටසක්‌වල සිට පැමිණෙන්නට ඇති බව පර්යේෂකයන් උපකල්පනය කරනවා. බැලූනයේ සවිකර තිබුණ අනාවරකයේ ගෝලය ගැටී තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයන් ඒ අන්දමින් ගැටෙන්නට නම් ගෝලය අධික වේගයෙන් පැමිණ ඇති බව අනුමාන කරනවා. ඒ වගේම මේ ගෝලය කිසිsයම් ජීව විශේaෂයකට අයත්ව ඇතැයිද ඔවුන්ගේ විශ්වාසයයි. එක්‌ස්‌ කිරණ පර්යේෂණයන්ට අනුව සොයාගෙන ඇත්තේ මෙම ගෝලය ටයිටේනියම් සහ වැනේඩියම් ලෝහ මිශ්‍රණයකින් නිර්මාණය වී ඇති බවයි.

පැන්සිපර්මියා සංකල්පයට අනුව පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්‌වල සිට බව විශ්වාස කරනවා.

විද්‍යාඥයන් අතරද පැන්සිපර්මියා සංකල්පයට එක සේ ලකුණු ලැබෙන්නේ නැහැ. ඔවුන් පෙන්වා දෙන්නේ පෘථිවි වායුගෝලයේ පවතින කර්කශ තත්වයන් යටතේ බැක්‌ටීරියා සහ ක්‌ෂුද්‍ර ජීවින් ජීවත් වෙන අතර පෘථිවියට පැමිණෙන ආකාශ වස්‌තුන්හි මෙම ජීවින් තැන්පත් වීමටත් හැකියාවක්‌ තිබෙන බවයි. එම හේතු ඵල සම්බන්ධතාවයන්ට අනුව මේ සිaද්ධිය ගලපන ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ගෝලයත් පෘථිsවියේ සිටම ඉහළ වායුගෝලයට එක්‌වන්නට ඇති බවයි.

බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීවවිද්‍යාඥ සහ Journal of Cosmology විද්‍යා සඟරාවේ සංස්‌කාරක චන්ද්‍රd වික්‍රමසිංහයන්ද ලෝහ ගෝලය පිළිබඳව තව දුරටත් අධ්‍යනයන් ඉදිරියට ගෙන යා යුතු බව සඳහන් කරයි.

මන්දාකිණිය තුළ පිටසක්‌වල බුද්ධිමත් ජීවින් 361 ක්‌ද, විශ්වය තුළ මෙම ජීවීන් 38,000 ක්‌ පමණ සිටින බව Journal of Astrology සඳහන් කරනවා. අගහරු, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්‌පති වැනි ග්‍රහලෝකවල පිටසක්‌වල ජීවින් සිටින බව අදහස්‌ කරනවා. මෙම ජීවින් මුල් කරගෙන ප්‍රබන්ධ බිහිවුණා සේම ඔවුන් ගැන තොරතුරු දන්නා අය නැත්තේමත් නැහැ.

පිටසක්‌වල ජීවින්ගේ තොරතුරු ඉතාම විශ්මය ජනකයි. මේගැන මුලින්ම අසන්නට ලැබුණේ ඇමරිකා එක්‌සත් ජනපදයේ රොස්‌වෙල් ප්‍රදේශයෙන්. මැක්‌ බ්‍රේසන්ස්‌ නැමැතිs අයෙක්‌ රොස්‌වෙල් ප්‍රදේශයේ ඇවිදින විට විශාල ශබ්දයක්‌ ඇසුනා. රාත්‍රියේ මේ ගැන සොයන්න බැරි නිසා ඔහු පසුදින මේ ශබ්දය ගැන සොයාන්න රොස්‌වෙල් ප්‍රදේශයට ගියා. නමුත් ඔහුට කිසිම විශේෂ දෙයක්‌ දැක ගන්න ලැබුණේ නැහැ. නමුත් යානයක සුන්බුන් සහ ලෝහ කැබලි දැක ගන්නට ලැබුණා. මැක්‌ මේ ගැන අණදෙන නිළධාරි කර්නල් විලියම් බැලන්වාඩිය වෙත දන්වා සිටියා.

මේ ලෝහ කැබලි අධික තාපය නිසා වැලි උණුවීමෙන් වීදුරු තත්වයට පත්ව තිබුණා. ඒ අතරම අමුතු මළ සිරුරු කීපයක්‌ද තිබුණා. උස අඩි 5 කට වඩා නොවුන මේ සිරුරු බැලූ බැල්මටම අද්භූත බවක්‌ පෙනුණා. එක්‌ ජීවියෙකුගේ ප්‍රාණය තිබුණත් මේ සිදුවීම රහසක්‌ව තබා ගැනීමට ඇමරිකානුවන් මෙම ප්‍රදේශය තහනම් කලාපයක්‌ ලෙස නම් කළා. ජනමාධ්‍ය වෙතට ඔවුන් ප්‍රකාශ කළේ කාලගුණ බැලූනයක්‌ පිපිරීමෙන් මේ සිද්ධිය ඇති වුණ බවයි.

1950 වසරේ ගුවන් හමුදා කඳවුරක සාත්තු සේවිකාවක ලෙස සේවය කළ කාන්තාවක්‌ ගුවන් හමුදා කඳවුරට ගෙනෙන ලද ආගන්තුක අද්භූත මළ සිරුරු ගැන කරන ලද සඳහන නිසා ඇයව බ්‍රිතාන්‍යයට මාරු කළ යෑවූ අතර පසුව ඇය රහසේම අතුරුදහන් වුවා.

Ö පුන්‍යා චාන්දනි ද සිල්වා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.