වසර අටසීයකට පසු යළි පණ ලැබූ ඉන්දියාවේ නාලන්දාව

ඉන්දියාවේ අති ප්‍රසිද්ධ පෞරාණික විශ්වවිද්‍යාලවලින් එකක්‌ වන නාලන්දා විශ්වවිද්‍යාලය, වසර අටසියයක පමණ විරාමයකින් පසු පසුගිය සඳුදා යළි විවෘත කරනු ලැබීය. ඉපැරැණි නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් සහ නව නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ රා-ගිර් ප්‍රදේශයේය. මේ ප්‍රදේශය ආශ්‍රිතව සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත්වූ බුද්ධගයාව ඇතුළු ආගමික හා ඓතිහාසික වටිනාකමක්‌ ඇති පෞරාණික නටබුන් රාශියක්‌ විසිරී පවතී.

එය අයත් වන්නේ එකල බුද්ධිමය හා දේශපාලනික ප්‍රබෝධය නිසා ප්‍රසිද්ධියට පත් පැරැණි ඉන්දියාවේ රාජධානියක්‌වූ මගධයටයි. හින්දු ආගමේ කේන්ද්‍රස්‌ථානයක්‌ වූවාට අමතරව බුදු සමය හා ජෛනාගමද එහි මතුවී ආවේය. ඉන්දියාවේ පළමු අධිරාජ්‍යය වූ මෞර්ය අධිරාජ්‍යය බිහිවූයේ මගධයෙනි. ආසියාව පුරා බුදුදහම පැතිරවීමට මෙහි රාජ්‍යය කළ අශෝක අධිරාජයාගේ බලපෑම බෙහෙවින් ඉවහල් විය. "බිහාර්" යන්න බෞද්ධ ආශ්‍රම හැඳින්වීමට යොදන "විහාර" යන පදයෙන් බිඳී ආවකැයි සලකනු ලැබේ.

මධ්‍යධරණී ගී්‍රකයන් අතර ඇතිවූ බුද්ධිමය උෙද්‍යාaගයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැන්ස්‌ හා ඇලෙක්‌සැන්ඩි්‍රයා විද්‍යාල බිහිවූ ආකාරයටම මේ පසුබිම තුළ නාලන්දා විශ්වවිද්‍යාලය ආරම්භ විය. වර්තමාන පාකිස්‌තානයට අයත් තක්‍ෂිලා ඇතුළු පුරාණ විශ්වවිද්‍යාල ගණනාවක්‌ එකල බිහි වූයේය. එහෙත් නාලන්දාව ඒ අතර ඉහළින් වැජඹුණේ එහි ප්‍රමාණය හා ව්‍යාප්තිය හේතුවෙනි.

ඉන්දියාවේ සංස්‌කෘතික හා විද්‍යාවේ ස්‌වර්ණමය යුගය

නාලන්දා විශ්වවිද්‍යාලය මුලින්ම ආරම්භ වූයේ ක්‍රි.ව. 413-1193 අතර කාලයේ ගුප්ත අධිරාජ්‍යය ඉන්දියාවේ සංස්‌කෘතියේ හා විද්‍යාවේ ස්‌වර්ණමය යුගය සමයේදීය.

එය බෞද්ධ දර්ශනය පිළිබඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස සොයා ගැනුණද මධ්‍යකාලීන ක්‍රිස්‌තියානි අධ්‍යාපන මධ්‍යස්‌ථාන මෙන් දාර්ශනික විද්‍යාවන් හා ලෞකිකත්වය ආශ්‍රිත බොහෝ විෂයන්ද එහි සාකච්ඡා වූයේය. නාලන්දා විශ්වවිද්‍යාලය විශේෂයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ගණිතය හා වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙනි.

නාලන්දා විශ්වවිද්‍යාලයේ බෞද්ධ ස්‌වරූපයට හා බෞද්ධ විෂය දාරාවට හේතුව, ඉන්දියාවෙන් බැහැර රටවල සිසුන් අති විශාල පිරිසකගේ ආකර්ශණයට එය ලක්‌වීම නිසා විවිධ සංස්‌කෘතීන් අතර ඇතිවූ බුද්ධිමය සහ සම්බන්ධතාව මගින් ඊට ලැබුණු විශ්ව කීර්තියයි. නව නාලන්දා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට අනුව "නාලන්දා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සතු නැඹුරු දැනුම චීනය, කොරියාව, ජපානය, ටිබෙටය, මොංගෝලියාව, තුර්කිය, ශ්‍රී ලංකාව හා අග්නිදිග ආසියාව වැනි රටවලින් ශිෂ්‍යත්ව ලබා පැමිණි සිසුන්ගේ ආකර්ධනයට ලක්‌වී තිබේ." එහි උච්චතම යුගයේදී නාලන්දාවේ පුස්‌තකාලයන්, සිය දහස්‌ ගණනක්‌ ග්‍රන්ථවලින් පිරී තිබුණු අතර ශිෂ්‍යයන් 10000 ක්‌ හා ගුරුවරු 2000 කගෙන් සමන්විත වීය. කෙසේ වුවද අවාසනාවකට ක්‍රි.ව. 1193 දී නියම නාලන්දා විශ්වවිද්‍යාලය විනාශ වූයේය. නාලන්දාව ආශ්‍රිතව හින්දු පාලකයන්ගේ නැග ඒම ඇෆ්ගන් මුස්‌ලිම් කොල්ලකරුවකු වන ගෝර්හි මුහම්මද් විසින් ක්‍රි.ව. 1192 දී දිල්ලිය ආසන්නයේ සිදුකළ දෙවන සටනින් පරාජය කරනලදී. මේ නිසා ආක්‍රමණිකයන්ට පෙර, උතුරු ඉන්දියාවේ මුළු ගැන්ගීස්‌ නදී නිම්නයම හිස්‌ විය. යුද බලකොටුවක්‌ නොතිබූ හා ආරක්‍ෂක රැකවරණයකින් තොරවූ නිදහස්‌ නාලන්දාව, වසරක්‌ තුළදී තුර්කි ජනරාල්වරයකු වන භක්‌තියර් කිල්ජි විසින් වනසා දමන ලදී. බුද්ධ ධර්මය මුලිනුපුටා දැමීමේ කිල්ජිගේ උත්සාහය මත භික්‍ෂූන් දහස්‌ ගණනක්‌ හිස ගසා දැමූ බවත් භික්‍ෂූන් දහස්‌ගණනක්‌ පණ පිටින් ගින්නට දැමූ බවත් සමකාලීන පර්සියානු පුරාවෘත්තයක සඳහන් වේ. ගිනිබත් කළ නාලන්දා පුස්‌තකාලය මාස ගණනක්‌ පුරා දැවෙමින් තිබුණු අතර එහි අත් පිටපත් දැවීමෙන් නැඟුණු දුම කඳුවලට ඉහළ අහසේ අඳුරු කඩතුරාවක්‌ ලෙස දින ගණනාවක්‌ පුරා පැවැතියේය." නාලන්දා විශ්වවිද්‍යාලයේ අවසන් ප්‍රධානියා ටිබෙටයට පලා ගියේය.

නැවත විවෘත කරනු ලැබූ නාලන්දා සරසවියේ ඉලක්‌කය වන්නේ පැරැණි නාලන්දාවේ ආකාරයටම විශ්වීය දැනුමට කේන්ද්‍රස්‌ථානයක්‌ වෙමින් ඉන්දියාව තුළ නැඟී සිටීමයි. විද්‍යාව කේන්ද්‍ර කරගත් ඉන්දියානු තාක්‍ෂණික ආයතන (IITS) හැර විශ්ව කීර්තියට පත් සරසවි කීපයක්‌ වර්තමාන ඉන්දියාව සතුව පවතී.

පුළුල් විෂය ධාරාවක්‌ සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වීම නව නාලන්දා විශ්වවිද්‍යාලයේ අරමුණයි. එහි වෙබ් අඩවිය පවසන පරිදි "නාලන්දා සරසවිය ආරම්භ කරන ලද්දේ 2010 දීය. ඒ ඉන්දීය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශේෂ පනතක්‌ මගිනි. ඉන්දියාවේ බුද්ධි ප්‍රබෝධය දරා සිටින නාලන්දා විශ්වවිද්‍යාලය සඳහා එය වැදගත් තත්ත්වයකි. රටේ ආරම්භ කර ඇති අනෙකුත් විශ්වවිද්‍යාල මෙන් නොව නාලන්දා විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර සරසවියක්‌ ලෙස නැඟී සිටී.

එහි ඓතිහාසික ප්‍රසිද්ධිය මත නොබෙල් සම්මානලාභියකු වන සෙන් යටතේ පාලනය වෙයි. විශ්වවිද්‍යාල පාලන දේහයේ ප්‍රධානියා ඔහුය. ඩොලර් මිලියන 500 දක්‌වා විශ්වවිද්‍යාලය වෙත අරමුදල් ලෙස ලබාදීමට ආසියානු රටවල් 15 ක්‌ එකඟ වී තිබේ. කෙසේ වුවද මෙම අරමුදල් මෑතකදී ලබාදෙන ආකාරයක්‌ නොපෙනේ.

මීට අතිරේකව, ඉන්දියාව, තුළ අරමුදල් හිඟයන් මන්දගාමී නිලධාරිවාදයත් හේතුවෙන් එහි විවෘත කිරීමේ අවස්‌ථාව වන විටත් කනගාටුදායක ලෙස විශ්වවිද්‍යාලය අසම්පූර්ණව පැවතුණි. දැනට ආරම්භක පන්තියේ සිටින්නේ සිසුන් 15 දෙනෙකි. ඉන් දෙදෙනකු පමණක්‌ ඉන්දියාවෙන් පිට සිසුන්ය. නගර සභා අවසරය නොලැබීමේ හේතුවෙන් අක්‌කර 455 ක විශ්වවිද්‍යාලයේ දැනට පන්ති පැවැත්වෙන්නේ තාවකාලික තත්ත්ව යටතේය.

සැප්තැම්බර් මස මැදදී මූලික විවෘත කිරීමකට යෝජිතව පවතී. ප්‍රචාරනයත් සමග සිසුන් ගලා ඒමත් මූල්‍ය පහසුකම් ලැබීමත් වර්ධනය වනු ඇති බව බලාපොරොත්තුවයි. එවැනි ඉහළ අදහසක්‌ පසු බිමෙහි ඇත්තේ ජනප්‍රිය චරිත සම්බන්ධ කර ගැනීමෙන් දැනට ඇති තත්ත්වයට වඩා බොහෝ වර්ධනයක්‌ ළඟා කර ගැනීමය. ඉන්දියාවේ නව රජය මෙම කටයුතු වේගවත් කරනු ඇත යන විශ්වාසය පවතී. නාලන්දා විශ්වවිද්‍යාලය සිය ඉලක්‌කයට ළඟා වන්නේ නම් එය ඉන්දියාවේ උසස්‌ අධ්‍යාපනයෙහි යෝධ පිම්මක්‌ වනු ඇත.

Ö වසන්ත විඡේරත්න

(THE DIPLOMAT ඇසුරිනි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.