සිහින සැබෑ කරන
ඩයලොග් 'ලේසි Pay'


'ලේසි Pay'  නමින් ඩයලොග් සමාගම සිය නවතම පාරිභෝගික මූල්‍ය සේවාවක්‌ පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.

මෙම විප්ලවීය විසඳුම හරහා ඩයලොග් පාරිභෝගිකයන් හට පමණක්‌ නොව සියලු ශ්‍රී ලාංකිකයන් හට ක්‍රෙඩිට්‌ කාඩ් රහිතව ගෙවීම් කටයුතු සිදුකළ හැකිවීම විශේෂත්වයකි.

ලෝකයේ කීර්තිමත් වෙළෙඳ නාම රැසක ජංගම දුරකථන, ටැබ්ලට්‌ සහ පෙර ගෙවුම් ඩයලොග් ටීවී සබඳතා මිලදී ගැනීම දෛනික හෝ මාසික වාරික ක්‍රමයට ගෙවීමේ වරප්‍රසාදය මෙමගින් හිමිවෙයි.

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඩයලොග් සමාගමේ ව්‍යාපාරික ප්‍රධානී ජංගම දුරකථන (ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි) ලසන්ත තෙවරප්පෙරුම මහතා - බොහෝ පාරිභෝගිකයන්ට ක්‍රෙඩිට්‌ කාඩ්පත් මගින් පමණයි භාණ්‌ඩ මිලදී ගත හැක්‌කේ. එයට තිත තබමින් උපයන මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටත් බුද්ධිමත් ලෙස මිලදී ගැනීම් කටයුතු සිදුකිරීමටත් සුදුසුම ක්‍රමයක්‌ වශයෙන් ඩයලොග් ලේසි පේ ක්‍රමය හඳුන්වා දුන්නා. Feature Phoneැ රු. 7 කටත්, ස්‌මාර්ට්‌ දුරකථන රු. 22 කටත්, ටැබ් රු. 64 කටත් වැනි අතිශය පහසු දෛනික ගෙවීමේ ක්‍රමයට හිමි කරගත හැකියි. ඇත්ත වශයෙන් මෙය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කරගත හැකි අවස්‌ථාවක්‌. අපගේ වෙළෙඳ සහකරුවන් සමග එක්‌ව ඉදිරියේදී තවත් නිෂ්පාදන හා සේවාවන් මේ ක්‍රමය ඔස්‌සේ හඳුන්වා දීමට කටයුතු කරනවා.

මෙම සේවාව ඕනෑම පාරිභෝගිකයකුට අදාළ ඇපකරු සමග දිවයින පුරා පිහිටි ඕනෑම ඩයලොග් පාරිභෝගික මධ්‍යස්‌ථානයකින් ලබාගත හැකිය. අවශ්‍ය නිෂ්පාදනය හා ඊට අදාළ වාරික සැලසුම් සඳහා මූලික ගෙවීමක්‌ සිදුකළ යුතුය. එහිදී සරල අයෑදුම්පතක්‌ හා අදාළ ලියකියවිලි කිහිපයක්‌ සම්පූර්ණ කර දීමෙන් මිලදී ගැනීම් කටයුතු පහසුවෙන් සිදුකළ හැකිය. මෙය තවදුරටත් පහසු කිරීම සඳහා සියලු ඩයලොග් මධ්‍යස්‌ථානවලින් හා දිවයින පුරා පිහිටි බලයලත් වෙළෙඳ සල්වලින් සේවාව සඳහා වූ අයෑදුම්පත මිලදී ගත හැකි අතර, අනුමත භාණ්‌ඩය දින දෙකක්‌ තුළදී නිවසටම ලබාගත හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.