අප්‍රේල් 15 දා මහජන බැංකු හා
සේවා මධ්‍යස්‌ථාන විවෘත කෙරේ


මෙවර අලුත් අවුරුදු ගනුදෙනු සඳහා දිවයින පුරා පිහිටි සියලුම මහජන බැංකු ශාඛා හා සේවා මධ්‍යස්‌ථාන 15 දා උදේ 8.30 සිට විවෘතව තැබීමට පියවර ගෙන ඇත.

එදින නව ගිණුම් විවෘත කිරීමට හෝ පවතින ගිණුම් සඳහා මුදල් තැන්පත් කිරීමට හැකිය. එසේම දින රුපියල් 5000 ක්‌ හෝ ඊට වැඩි සැම ඉතුරුම් තැන්පතුවකටම අගනා බිත්ති ඔරලෝසුවක්‌ පිරිනැමේ. අවුරුදු ගනුදෙනු සිරිත අර්ථවත් කරමින් සෑම ගනුදෙනුවකටම තිළිණයක්‌ පිරිනැමීමට බැංකුව පියවර ගෙන ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.