Huawei වෙතින්
අවුරුදු සමයේ වට්‌ටම්


තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණික ක්‍ෂේත්‍රයේ ලොව ප්‍රමුඛ සමාගමක්‌ සහ මෙරට අංක 2 ස්‌මාර්ට්‌ෙµdaන් වෙළෙඳ නාමය වන Huawei එළෙඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශිෂ්ට වට්‌ටම් රැසක්‌ ලබාදීමට සැරසෙයි.

මෙම විශේෂ අවුරුදු වාසි යටතේ රුපියල් 9000.00 ක්‌ දක්‌වා වූ වට්‌ටම් යටතේ නවතම Huawei ස්‌මාර්ට්‌ෙµdaන් මිලදී ගැනීමට අවස්‌ථාව හිමිවෙයි. එමෙන්ම මෙම සමයේ මිලදී ගන්නා සෑම Huawei ස්‌මාර්ට්‌ෙµdaන් දුරකථනයක්‌ සඳහාම වසර දෙකක සිංගර් වගකීම් සහතිකයක්‌ද පිරිනැමීමට Huawei සමාගම සැලසුම් කර තිබේ. මෙම වට්‌ටම් ක්‍රියාත්මක සමයේ විශේෂයෙන් රට පුරා පිහිටා ඇති Huawei අලෙවි සල් සහ අලෙවි නියෝජිත ස්‌ථාන වෙත පැමිණ Huawei ස්‌මාර්ට්‌ෙµdaන් මිලදී ගැනීමට පෙර පරීක්‍ෂා කර බැලීම සහ භාවිත කර බැලීමට ද පහසුකම් සලසා ඇති බව Huawei සමාගම පවසයි.

Huawei සමාගමේ ස්‌මාර්ට්‌ෙµdaන් පාරිභෝගික අලෙවි සමූහයේ ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා සඳහන් කළේ, 'දකුණු ආසියානු රටවල් අතුරින් Huawei නිෂ්පාදන අලෙවිය ශීඝ්‍රයෙන් වර්ධනය වූ රටක්‌ ලෙස ශ්‍රී ලංකාව අප හඳුනාගෙන ඇත. 'සිහින නිර්මාණයක්‌ දක්‌වා පෙළඹවීම' යන අපගේ තේමාව යටතේ අපි මේ අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට විශේෂ වට්‌ටම් සහ අවස්‌ථා රැසක්‌ ලබාදීමට සූදානමින් සිටිනවා. විශේෂ වට්‌ටම් සහිත මිලකට Huawei ජංගම දුරකථනයක්‌ ලබාදීම ඒ අතරින් විශේෂයි. එමෙන්ම ජංගම දුරකථනයක්‌ සඳහා වසර දෙකක සිංගර් වගකීමක්‌ පිරිනැමීම Huawei සමාගම පාරිභෝගික විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා තැබූ දැවැන්ත පියවරක්‌,' යනුවෙනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.