සිංහල අලුත් අවුරුද්දට
ෆොටෝ ටෙක්‌නිකා
පාරිභෝගිකයන්ට විශේෂ වාසි

ඡායාරූප ක්‌ෂේත්‍රයේ පමණක්‌ම ව්‍යාපාර කරන ශ්‍රී ලංකාවේ පැරණිම සහ විශාලම සමාගම වන ෆොටෝ ටෙක්‌නිකා ආයතනය සෑම වසරකම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් එහි පාරිභෝගිකයන්ට විශේෂ වෙළෙඳ වාසි ලබාදෙයි. ඒ අනුව යමින් ෆොටෝ ටෙක්‌නිකා සමාගම මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන්ද එහි පාරිභෝගිකයන්ට විශේෂ වට්‌ටම් ලබාදීමට කටයුතු යොදා ඇත. අප්‍රේල් මාසයේ ෆොටෝ ටෙක්‌නිකා සමාගමෙන් කැමරා සහ කැමරා උපකරණ මිලදී ගැනීමේදී කැමරා අලුත්වැඩියා කිරීමේදී මෙම විශේෂ වට්‌ටම් හිමි වේ.
ෆොටෝ ටෙක්‌නිකා සමාගමේ ප්‍රදර්ශනාගාරයෙන් අප්‍රේල් මාසයේ ඩිජිටල් කම්පැක්‌ට්‌ කැමරා (compact camera) සහ ඩිජිටල් වෘත්තීය කැමරා (DSLR) මිලදී ගන්නා පාරිභෝගිකයන්ට මිලදී ගන්නා කැමරාවේ වටිනාකම අනුව විශේෂ වට්‌ටම් ලබාදෙයි. සෑම කැමරාවක්‌ම විශේෂ තරගකාරී මිල ගණන්වලට ලබාදෙන අතර මිලදී ගන්නා සෑම කැමරාවක්‌ සඳහාම ජපානයේ නිකොන් සමාගම ලබාදෙන නියම වගකීම් සහතිකයක්‌ ලබාදෙයි. ඊට අමතරව අලෙවියෙන් පසු විශිෂ්ට සේවයක්‌ද ලබාදෙයි.
ෆොටෝ ටෙක්‌නිකා සමාගමේ කැමරා අලුත්වැඩියා කිරීමේ අංශයෙන් අප්‍රේල් මාසයේ නිශ්චල කැමරා, වීඩියෝ කැමරා සහ දුරදක්‌න අලුත්වැඩියා කරන පාරිභෝගිකයන්ට විශේෂ වට්‌ටම් මිලකට එම කාර්යය කර දෙයි. නිකොන් ඇතුළුව පිළිගත් වෙළෙඳ නාම යටතේ එන ඕනෑම වර්ගයක කැමරාවක්‌ අලුත්වැඩියා කිරීමට පුළුවන් ශ්‍රී ලංකාවේ විශාලම කැමරා අලුත්වැඩියා කිරීමේ වැඩපොළ ඇත්තේ ෆොටෝ ටෙක්‌නිකා සමාගමේය. එය ලෝකයේ අති නවීන කැමරා අලුත්වැඩියා කිරීමේ උපාංග, ඒවාට සම්බන්ධ පරිගණක මෘදුකාංග සහ කැමරාවල දෝෂ පරීක්‍ෂා කිරීමේ උපකරණවලින් සමන්විත වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.