KIA සොරෙන්ටෝ මෝටර් රථය
ශ්‍රී ලංකාවේ එළිදැක්‌වෙයි


ක්‍රිකට්‌ ක්‍රීඩාවේ අතිවිශිෂ්ටයන් තිදෙනකු එක්‌ව KIA සමාගමේ සුපිරිතම නිර්මාණයක්‌ වන 2016 සොරෙන්ටෝ Sඹඪ රථය පසුගියදා කොළඹදී එළිදැක්‌වූ අතර එයින් KIA සන්නාමය සතු අසාමාන්‍ය ගුණයන් මෙන්ම එම අද්විතීය ත්‍රිත්වය භාවිත කරන වාහනය ද පිළිබිඹු විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ 'Oak Room' හි පැවැති ආරාධිතයන්ගෙන් පිරී ඉතිරී ගිය විචිත්‍රවත් උත්සවයේදී විශේෂ අංගයක්‌ ලෙසින් පැමිණ සිටි සැමදෙනාගේම අවධානය මැද කුමාර් සංගක්‌කාර, මුත්තයියා මුරලිදරන් සහ මහේල ජයවර්ධන තිදෙනාට ඔවුන්ගේ 2016 KIA නවතම හැඩකාර සොරෙන්ටෝ රථවල යතුරු පිළිගන්වන ලදී. පෙර එළිදක්‌වන ලද සොරෙන්ටෝ රථවලට වඩා කැපී පෙනෙන වෙනසකට භාජනය කරමින් වඩාත් පුළුල්ව සහ දිගින් යුක්‌තව ඉඩ පහසුකම් වැඩිවන ලෙස නිර්මාණය කර තිබෙන නවතම KIA සොරෙන්ටෝ රථයේ පිටත ස්‌වරූපය සැබවින්ම ඕනෑම කෙනෙකුගේ සිත් ඇද බැඳගන්නා රමණීය නිමැවුමකි. රථයේ අභ්‍යන්තරය ද වැඩි සුව පහසු බවකින් යුක්‌ත වන ලෙස අද්විතීය ආකාරයෙන් නිමවා තිබීම විශේෂයෙන්ම කැපී පෙනේ.

මේ වන විටත්, ශ්‍රී ලංකාවේ මහමඟ ජනප්‍රියතම SUV රථවලින් එකක්‌ ලෙස සැලකෙන KIA සොරෙන්ටෝ රථයේ 2016 තුන්වන පරම්පරාවේ සංස්‌කරණයේදී මෝටර් රථ නිර්මාණ විද්‍යාවේ සහ කාර්ය සාධනයේ නිම් වළලු තව තවත් පුළුල් කරමින් ඉදිරියටම රැගෙන ගොස්‌ තිබේ. මෙම රථය මීට පෙර එළිදැක්‌වූ සොරෙන්ටෝ රථවලට වඩා ව්‍යqහාත්මක වශයෙන් ශක්‌තිමත් වන අතර ආරක්‍ෂාව සහ සැප පහසුව අතින් ද ඉහළින් සිටී.

මෙම රථය එළිදැක්‌වීමේ වර්ණවත් උත්සවය අමතමින් KIA මෝටර්ස්‌ (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මහේන් තම්බයියා මහතා මෙසේ පැවසීය. "සොරෙන්ටෝ රථය ප්‍රතිභාවන්තයකු ලෙසත්, අපගේ මාර්ගවල සැරිසරන සංකේතයක්‌ ලෙසත්, වසර 10 ක කාලයක්‌ මුළුල්ලේ පුරාවෘත්තයක්‌ ලෙසත් ඉමහත් කීර්තියක්‌ දිනා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ අප දිනා තිබෙන මෙම ගුණාංග ක්‍රිකට්‌ වීරයන් වන කුමාර්, මුරලි සහ මහේල කදිමට නියෝජනය කරනවා."

"මෙම සුවිශේෂී ක්‍රීඩා තරු ත්‍රිත්වයේ වාහන රුචිකත්වය බවට වසර ගණනාවක්‌ පත්ව තිබෙන්නේ KIA සොරෙන්ටෝ රථය බව මා පවසන්නේ ආඩම්බරයෙන් යුතුවයි. මේ නිසා 2016 නවතම KIA රථය මුලින්ම හිමිවන්නේ මේ තිදෙනාටයි."

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.