අධ්‍යාපන අමාත්‍යාංශය සහ
නෙස්‌ලේ ලංකා එකමුතුවෙන්
'IAAF Kids' Athieties' එළිදකී


අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්‌ලේ ලංකා පීඑල්සී සමාගම අතර ඇතිකරගත් සහයෝගිතාවයෙන් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ (AASL) දායකත්වයෙන් IAFA Kids' Athieties' වැඩසටහන හඳුන්වාදීම පසුගියදා නිල වශයෙන් නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් දරුවන් අතර ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම මෙහි අපේක්‍ෂාව වේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෑතකදී සිදුකළ සමීක්‍ෂණයකින් මෙරට සිසු දරු දැරියන් මිලියන හතරකින් ක්‍රමානුකූලව ක්‍රීඩාවන් හා සම්බන්ධිතව සිටින්නේ 15% ක්‌ පමණක්‌ බව අනාවරණය කරගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ ළමුන්ට සම්ප්‍රේෂණය නොවන රෝග වැළඳීමේ අවදානමක්‌ මතුව ඇති සමයක එම තත්ත්වය වළක්‌වාගැනීමට මනා පෝෂණ භාවිතාවක්‌ සහ ශාරීරිකව ක්‍රියාශීලී ජීවන රටාවක්‌ අනුගමනයව කිරීම ඉතාම වැදගත් වනු ඇත. මේ පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යාංශය දරුවකුගේ ශාරීරික ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වාගැනීම වෙනුවෙන් අවම වශයෙන් එක්‌ ක්‍රීඩාවකට හෝ යොමු කරවීමට ඉහළ ප්‍රමුඛතාවක්‌ ලබා දුන්නේය. ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට ක්‍රීඩා අංශය විසින් ප්‍රාථමික සහ ද්විතීක අධ්‍යාපනික මට්‌ටම්වල සිටින දරුවන් වෙනුවෙන් විවිධ ක්‍රීඩා වැඩසටහන් රාශියක්‌ සංවිධානය කරන ලදී.

"අධ්‍යාපනයෙහි මූලික අරමුණ වන්නේ මානසිකව සහ ශාරීරිකව ශක්‌තිමත් පුරවැසියකු සමාජයට දායාද කිරීමයි. මේ නිසා ක්‍රීඩාව දරුවකුගේ ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපන මට්‌ටම්වලදී ඉතාම වැදගත් කාර්යභාරයක්‌ ඉටුකරනවා. නෙස්‌ලේ ලංකා සමාගම සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය ගොඩනඟාගත් මෙම ඉලක්‌කගත වැඩසටහන නිසා අනාගතයේදී ක්‍රියාශීලී පුරවැසියන් ලෙස පෙරට පැමිණීමට යොවුන් පරපුරට අවස්‌ථාව ලැබෙනවා" යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරා- කාරියවසම් මහතා අදහස්‌ දක්‌වා සිටි අතර තවදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේ ද පැවසීය.

"රජයේ නිර්දේශය අනුව සෑම සිසු දරු දැරියක්‌ම ක්‍රීඩාවක නියෑලිය යුතුයි. 'IAAF Kids' Athieties' වැඩසටහන නිසා ප්‍රාථමික සිසුන්ට ඉදිරි ක්‍රීඩා අත්දැකීමක්‌ ලබාගැනීමට පදනම සැකසෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් මනා පුහුණුවක්‌ ලැබූ ප්‍රාථමික පාසල් ගුරුවරුන් විසින් මෙම ක්‍රියාකාරකම් අධ්‍යාපන කොට්‌ඨාස 98 කදී මෙහෙයවන්නට නියමිතයි."

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.