වීවා පැතුම් වාසි වෙතින් මේ අවුරුද්දට
ලක්‍ෂ 100 ක්‌ වටිනා සිංගර් ගෘහ උපකරණ


Glaxosmithkline සමාගමේ ප්‍රමුඛතම මෝල්ට්‌ ආහාරමය පානය වන "වීවා", "පැතුම් වාසි" සමඟ "සුබ අලුත් අවුරුද්දක්‌ වීවා" පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන සිංගර් සමඟ අත්වැල් බැඳගනිමින් නවමු මුහුණුවරකින් ඉදිරිපත් කරයි.

වටිනා ගෘහ භාණ්‌ඩ තෑගි ලෙස හිමිකර දෙමින් ළඟ එන අලුත් අවුරුදු සමය උත්කර්ෂවත් ලෙස සැමරීමේ අවස්‌ථාව "වීවා පැතුම් වාසි" ප්‍රවර්ධන වැඩසටහන තුළින් ලබාදෙයි. මෙහිදී රු. ලක්‍ෂ 100 ක සිංගර් ගෘහ උපකරණ පාරිභෝගිකයන්ට පිsරිනැමෙන අතර දිවයින පුරා පිහිටි සිංගර් ශාඛා ජාලයෙන් සුවිශේෂී වට්‌ටම් හිමිකර ගැනීමට ද මින් හැකියාව ලැබේ.

"තමන්ගේ නිවසට අගනා ගෘහ උපකරණ දිනාගනිමින් අවුරුදු සමය ආරම්භ කිරීමට අප වීවා පාරිභෝගිකයන් සැමට අවස්‌ථාව සලසා දී තිබෙනවා. ඔවුන් කළ යුතුව වන්නේ ග්‍රෑම් 400 ක වීවා අවුරුදු ප්‍රවර්ධන පැකට්‌ටුවල ඇති සූරන කාඩ්පත සූරා එහි දැක්‌වෙන ත්‍යාග සහ වට්‌ටම් හිමිකර ගැනීම පමණයි. සෑම ප්‍රවර්ධන පැකට්‌ටුවකම, ශීතකරණ, රයිස්‌ කුකර්වල සිට සිංගර් වෙතින් හිමිවන අගනා වට්‌ටම් දක්‌වා ත්‍යාග රැසකින් සමන්විත වීම විශේෂත්වයක්‌." ඨීණ සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර ද කූඤ්ඤේ මහතා සඳහන් කළේය.

අවුරුදු සමය යනු ඕනෑම ශ්‍රී ලාංකිකයකුට ඉතාම කාර්යබහුල සමයක්‌, වෙහෙස නොබලා එදිනෙදා කටයුතු සිදුකිරීම සඳහා ඔවුන්ට අමතර ශක්‌තියක්‌ අවශ්‍ය වේ. "පැතුම් වාසි" ප්‍රවර්ධන වැඩසටහන තුළින් සිය සිරුරට අවශ්‍ය ශක්‌තිය වීවා වෙතින් ලබන අතරතුර ලොව විශිෂ්ට සන්නාමයන්ගෙන් යුතු ගෘහ භාණ්‌ඩවලින් තම ජීවන රටාව පහසු කරගැනීමට ද හැකියාව ලබාදෙයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.