මාලනී සුජීවට බැන්නාද, සුජිවට මාලනී බැන්නාද?



පාර්ලිමේන්තුව යනු රටක උත්තරීතර ස්‌ථානයයිs. එය නියෝජනය කරන නියෝජිතයන් මහජනතාවට ද ආදර්ශයක්‌ වෙමින් එහි හැසිරිය යුතුය. නමුත් සමහර අවස්‌ථාවන්වලදී එම තත්ත්වය ගිලිහී යන අවස්‌ථා එමටය.

විටෙක මෙරට පාර්ලිමේන්තුව ගුටිබැට හුවමාරු කරගන්නා පොර පිටියක්‌ බඳුය. තවත් විටෙක හරකා, බූරුවා, බල්ලා යන වචනවලින් ආමන්ත්‍රණය කරගන්නා ස්‌ථානයකි. කලක්‌ පාර්ලිමේන්තුව තුළට පාසල් ළමුන්ට යැමට බැරි තත්ත්වයක්‌ද උදා විය. ඒ තරමටම මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර නියෝජිතයන්ගේ විනය පිරිහී තිබිණි.

පසුගිය දිනකදී එවන් ආන්දොaලනාත්මක සිද්ධියක්‌ වාර්තා විය.

එහි නියෝජනය කරන නියෝජිතයන් එයට මුළු රටේම ජනතාවගේ අවධානය යොමු වූයේ එම ගැටුම ඇති වූයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලනි ෆොන්සේකා අතර වීම නිසාය.

විපක්‍ෂ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන අරමුණින් සන්ධානයේ පිරිසක්‌ සහභාගි වූ රැස්‌වීමක්‌ පසුගියදා පැවැත්විණි. එම රැස්‌වීම අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා මහත්මිය හඬා වැළපෙමින් එම ස්‌ථානයට පැමිණියේය. ඇයගේ හැඬුම මාධ්‍ය ඉදිරියේ පවා නතර කළේ නැත. ඇය එක දිගටම වැලහින්නක්‌ සේ හැඬුqවාය.

මෙය රඟපෑමක්‌ නොවන බව ටික වේලාවකට පසු එතැන සිටි මාධ්‍යවේදීන්ට දැනගන්නට ලැබිණි. එවිට එක්‌ මාධ්‍යවේදියකු එසේ අඬන්නේ ඇයි දැයි ඇයගෙන් විමසුවාය.

එවිට පා. මන්ත්‍රිනී මාලනි ෆොන්සේකා මහත්මිය ඉකි ගසමින් පැවසුවේ මෙවැනි කතාවකි.

සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා මට අද තිත්ත කුණුහරුපෙන් බැණ වැදුණා. මගේ චරිතය හොඳටම ඝාතනය කළා. මම කවදාවත් එවැනි කුණුහරුප අහලවත් නැහැ. මගේ පෞද්ගලික කාරණා පවා හුවා දක්‌වමින් ඔහු මට අපහාස කළා. ඔහුට වටින්නේ නැහැ මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න. පෞද්ගලිකත්වය සෑමදෙනකුටම වැදගත් දෙයක්‌.

මම කවදාවත් කිසිදු පුද්ගලයකුට පාර්ලිමේන්තුවේදී බැණලා, අපහාස කරලා නැහැ. නමුත් සුජීව මට හොඳටම බැන්නා. මම ඔහුට කිසිම වරදක්‌ කරලා නැහැ. හිතාගන්න බැහැ නිරපරාදේ මට ඇයි මෙහෙම බැන්නේ කියලා.

අධිකරණ නියෝජ්‍ය ඇමැතිවරයා හැටියට ඔහුගේ හැසිරීම සදාචාරාත්මක නොවන බව ද මාලිනී ෆොන්සේකා මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තු භූමියේදී බැණ වැදීම සම්බන්ධයෙන් මාලනි ෆොන්සේකා මහත්මිය නි. ඇමැති සුජීව සේනසිංහට විරුද්ධව පාර්ලිමේන්තුවටද පැමිණිලි කර තිබුණාය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා සන්ධ්‍යා කාලයේදී සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රති උත්තර සපයා තිබිණි.

නියෝජ්‍ය ඇමැතිවරයා එම අවස්‌ථාවේදී කියා සිටියේ මාලනී තමාට අපහාස කළ බවකි. ඒ මෙසේය.

මා නැති අවස්‌ථාවක මගේ නම සඳහන් කරලා මන්ත්‍රීවරියන් දෙදෙනෙක්‌ මාව අපහසුතාවට පත් කරලා තිබුණා. එහිදී සභා ගැබ තුළ සිදුවීමක්‌ සම්බන්ධව තමා එහෙම කරලා තිබුණේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්‌ඩුව පිනට ආපු ආණ්‌ඩුවක්‌ බවට මාලනී ෆොන්සේකා මහත්මිය සඳහන් කර තිබුණා. ඒ අවස්‌ථාවේදී මම පැවසුවා ඔබතුමිය තමා මහින්ද රාජපක්‍ෂගේ ලැයිස්‌තුවෙන් පිනට ඇවිත් තියෙන්නේ කියලා.

එහෙම කියලා මම පිටිපස්‌ස හැරෙනකොට "තෝ වරෙන්කෝ එළියට බූරුවා" කියලා මට මාලනී ෆොන්සේකා මහත්මිය බැන්නා. මගේ හැටි තෝ දන්නෑ කියලත් කිව්වා. ඊට පස්‌සේ විදුර වික්‍රමනායක මන්ත්‍රීතුමා මට ඒකට උත්තර දෙන්න එපා කියලා මාව නැවත්තුවා. එතැනින් එහා මම කිසිදෙයක්‌ කිව්වේ නැහැ.

මං කාන්තා හිංසනයට තදින්ම විරුද්ධයි. මම හොඳට හැදිච්ච කෙනෙක්‌. ඒක නිසා මට කාටවත් අපහාස කරන්න වුවමනා නැහැ. පරීක්‍ෂණයක්‌ අවශ්‍ය නම් මං එකඟයි. ඒ අවස්‌ථාවේ ළඟ හිටිය මන්ත්‍රීවරු සාක්‍ෂි සපයාවි. එම අවස්‌ථාවේ එම මන්ත්‍රීවරු පවා ඇගේ හැසිරීම විවේචනය කළා.

ඒ අතර විශේෂ සිද්ධියක්‌ වූයේ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ එලෙස උත්තර දෙන අතර ඊට ආසන පේලි දෙකක්‌ පසුපසින් සිටි මාලනී ෆොන්සේකා මහත්මිය ද සිනහ සෙමින් එම කතා අසාගෙන සිටීමයි.

ගයාන් සමරසිංහ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.