19ට ජන්දය නුදුන්නොත් නාම යෝජනා නෑ

පියසේන දිසානායක

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේදී ජන්දය භාවිත නොකරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට එම පක්‍ෂ තීරණය කර තිබේ.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගත යුතු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන නායකයින් දෙදෙනා පොදු එකඟතාවයක්‌ ඇති කරගෙන ඇති අතර එම එකඟතාවයට අනුව ඉහත තීරණය ගෙන ඇත.

එම සංශෝධනය ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යැමට පක්‍ෂ දෙකෙහි නායකයින් සැලසුම් කර තිබේ.

තත්ත්වය මෙසේ වූවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ 19 වැනි සංශෝධනයට විරුද්ධව ජන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්‍ෂවල මන්ත්‍රීවරු සමග රහස්‌ සාකච්ඡා ආරම්භ කර ඇති බව හෙළිවීමෙන් පසු නායකයින් එම තීරණය ගෙන ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.