යුද අපරාධ චෝදනා විමර්ශනයට 'සත්‍ය හා සහජීවන' කොමිසම එයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනයට ලක්‌කිරීම සඳහා දකුණු අප්‍රිකානු රජයේ සහය මැද සත්‍ය සහ සහජීවන කොමිසමක්‌ පත්කිරීමට රජය තීරණය කර ඇත.

මෙම සත්‍ය සෙවීමේ කොමිසම ස්‌ථාපිත කිරීම ලබන ජුනි මස සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු රජය සමග සාකච්ඡා අරඹා ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඉරිදා "දිවයින" සංග්‍රහයට පැවසීය.

මෙකී සත්‍ය සෙවීමේ කොමිසම ස්‌ථාපිත කිරීමට අදාළ නිර්දේශ ගැන ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයෙන් විමසීමටද රජය ක්‍රියා කරනු ඇත.

පසුගිය රජයද මෙවන් කොමිසමක්‌ ස්‌ථාපිත කිරීමට අදහස්‌ කළත් ඊට හෙළ උරුමය විරෝධය දක්‌වා තිබිණි.

මෙම කොමිසමට යුද අපරාධ චෝදනා එල්ල වී ඇති වරදකරුවන් වන අයට සමාව දීමේ බලතලද හිමි වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.