මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

සිරිමන්ත රත්නසේකර


අපවත් වී වදාල ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සියලු රාජ්‍ය ගෞරව සහිතව අද (12 වැනිදා) සවස 2.00 ට මහනුවර අස්‌ගිරිය පොලිස්‌...

මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දළදා මාළිගාවට අදාළ චාරිත්‍ර හා ගෞරව දැක්‌වීම සහිතව පැවැත්වෙන මෙම අවමංගල්‍ය පූජෝත්සවයේදී හමුදා ආචාර වෙඩි මුර 17 ක්‌ නිකුත් කරමින් උන්වහන්සේට ගෞරව කිරීමට නියමිතය.

අදාහන පූජෝත්සව අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් පුෂ්පෝපහාර දැක්‌වීමට කටයුතු සූදානම් කර තිබේ.

අද (12 වැනිදා) ජාතික ශෝක දිනයක්‌ ලෙස රජය ප්‍රකාශයට පත්කර ඇති අතර සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ගොඩනැඟිලිවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසත් වෙහෙර විහාරස්‌ථානවල හා නිවෙස්‌වල කහ කොඩි ඔසවා තබන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.