ඇමැති තනතුරු ඇත පහසුකම් නැත
මෙහෙම වැඩ කරන්න බැහැ

ලසිත දුමින්ද - ප්‍රභාත් විතාන

වත්මන් රජයේ ඇමැති ධූර ලබාගත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ බහුතරයක්‌ ඇමැතිවරුන්ට කාර්යාල ඇතුළු පහසුකම් මෙතෙක්‌ ලැබී නැතැයි වාර්තා වේ.

ඇමැතිවරුන්ට මෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට ද මෙතෙක්‌ කාර්යාල ඇතුළු පහසුකම් ලැබී නැති අතර, මේ නිසා රාජකාරි කටයුතු කිරීමේදී දැඩි අවුල් සහගත තත්ත්වයක්‌ උදා වී තිබේ.

මේ සම්බන්ධයෙන් 'ඉරිදා දිවයින'ට අදහස්‌ දැක්‌වූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති ටී. බී. ඒකනායක මහතා - ඇමැති ධූර ලැබුණත් මෙතෙක්‌ කාර්යාල පහසුකම් ඇතුළු කිසිවක්‌ ලැබී නැහැ. මෙහෙම වැඩ කරන්න බැහැ. අවුල් සහගත තත්ත්වයක්‌ තිබෙන්නේ. නිලධාරීන්ටත් කිසිවක්‌ ලැබී නැහැ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.