උසස්‌වීම් ප්‍රමාද වූ විදුහල්පතිවරු පුරප්පාඩු බල බල සුසුම් හෙළති

නිලන්ත මදුරාවල

ජාතික පාසල් සියයකට වැඩි ප්‍රමාණයක විදුහල්පති පුරප්පාඩු සඳහා අයෑදුම්පත් කැඳවා ඇති නමුත් සිය උසස්‌වීම් ලබාදී ප්‍රමාද වෙමින් සිටින විදුහල්පතිවරුන් හයසිය දෙනෙක්‌ පමණ ඒ සඳහා අයදුම් කිරීමට නොහැකිව දැඩි අසාධාරණයකට ලක්‌ව සිටිති.

විදුහල්පති ශ්‍රේණියේ පළමු ශ්‍රේණියට උසස්‌වීම් ලැබීම සඳහා මෙම විදුහල්පතිවරුන් සුදුසුකම් ලබා සිටින නමුත් ඔවුන්ගේ ලිපි ලේඛනවල පවතින අඩුපාඩු මත උසස්‌වීම් ප්‍රමාද වෙමින් පවතී.

අයෑදුම්පත් කැඳවා ඇති තනතුරුවලට අයෑදුම් කිරීමට හැකිවන ලෙස දැනට දෙවැනි ශ්‍රේණියේ සිටින මෙම විදුහල්පතිවරුන්ට උසස්‌වීම් ලබා දෙන්නැයි ලංකා ගුරු සංගමය ද අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා තිබේ.

අයෑදුම් කළ හැකි අවසන් දිනය මෙම මස 30 වැනිදා වන අතර මේ සම්බන්ධයෙන් විමසීමට එම විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යංශයට ගොස්‌ ඇතත් ඒ සඳහා කිසිදු නිලධාරියකු හමුවීමට අවස්‌ථාව ලැබී නැත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.