ලන්ඩන් සටහන් - සුජීව නිවුන්හැල්ල

වසන්ත සමරසිංහගේ දේශනයක්‌ ලන්ඩනයේදී

ජනතා විමුක්‌ති පෙරමුණ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතාගේ දේශණයක්‌ ලන්ඩනයේදී පැවැත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌සත් රාජධානි කමිටුව සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය යන මැයෙන් එම දේශනය පවත්වනු ලබන්නේ අප්‍රේල් 19 වන ඉරිදා ලන්ඩනයේ "විට්‌න්" ප්‍රජා ශාලාවේදී සවස තුනටය.

මේ අතර හතළිස්‌ හතර වන අප්‍රේල් විරු සමරුව ලන්ඩනයේදීත් පැවැත්වීමට ජනතා විමුක්‌ති පෙරමුණ එක්‌සත් රාජධානි කමිටුව සියල්ල සූදානම් කර ඇති බව එම කමිටුවේ ප්‍රධානී දර්ශන හෙට්‌ටිආරච්චි මහතා "ඉරිදා දිවයින"ට පැවසීය.

ඒ අනුව එම උත්සවය අප්‍රේල් 5 වන ඉරිදා (අද) ලන්ඩනයේ " සඩ්බරි" නගරයේ "වේල්ෆාම්" ක්‍රීඩාගාර ශාලාවේදී පැවැත්වේ.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එදින කොළඹ සිට කරන සමරු දේශනය අන්තර් ජාලය හරහා ලන්ඩනයේ රැස්‌වීමට සහභාගී වන පිරිසටද සවන් දීමට ඔවුන් කටයුතු යොදා තිබේ.

"අකුරු මැකී නෑ" ලන්ඩනයට

විශාරද එඩ්වඩ් ජයකොඩි සමග විශාරද චරිතා ප්‍රියදර්ශනී සහභාගී වන "අකුරු මැකී නෑ" සංගීත ප්‍රසංගය මැයි මස 16 වන සෙනසුරාදා ලන්ඩනයේ වෙම්බ්ලි හි ඕකින්ටන් මැනර් පාසල් ශ්‍රවනාගාරයේදී සවස 6.30 සිට රාත්‍රී 10.00 දක්‌වා පැවැත්වීමට නියමිතය. මෙහි දෙවන ප්‍රසංගය " මාරම්බරී" ලෙසින් මැයි 17 වන ඉරිදා සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්‌වා බර්මින්හැම් ඇස්‌ටෝන්හි "ද ඩ්‍රම්" ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රසංග දෙකම පැවැත්වෙන්නේ බර්මිංහැම් මහා විහාරයේ විහාර ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිසය. ඉරිදා දිවයින හා කතා කළ බර්මිංහැම් මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්‌සප හිමියෝ පවසා සිටියේ සැමදාම ලන්ඩනයට පමණක්‌ සීමා වන මෙවැනි ප්‍රසංග එඩ්වඩ් වැනි ජනප්‍රිය ගායකයෙකු විසින් ලන්ඩනයෙන් පිටත උතුරු එංගලන්තයේ පවත්වන්නේ මෑත ඉතිහාසයේ ප්‍රථම වතාවට බවයි.

එසේම මෙය කවෙන්ටි්‍ර, ලෙස්‌ටර්, මැන්චෙස්‌ටර්, නොටින්හැම්, ලීඩ්ස්‌, නිව් කාසල්, ලිවර් පූල් මෙන්ම ස්‌කොට්‌ලන්තය වැනි ප්‍රදේශවල ජීවත් වන ශ්‍රී ලාංකික ගීත ලෝලීන්ට සුභාවිත ගී රස විඳීමට කාලයකට පසු උදාවන මහඟු අවස්‌ථාවක්‌ බවද උන්වහන්සේ පවසා සිටියහ.

මෙම ප්‍රසංග සඳහා සංගීතය සැපයීමට එඩ්වඩ් සමග ශ්‍රී ලංකාවෙන් දක්‍ෂ ශිල්පීන් කිහිප දෙනෙකුම එංගලන්තයට පැමිණීමට නියමිත අතර එඩ්වඩ් ඔහුගේ සංගීත දිවියේ මෙතෙක්‌ ගැයූ ජනප්‍රියතම ගීත එකතුවක්‌ මෙම ප්‍රසංගයන්හිදී ගායනා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.