කාරිය කරවූ සැබෑ පුවත්පත් කලාවේදියකුගේ සමුගැනීම



පත්තර කලාවේ දිගු ඉතිහාසයක්‌ ඇති ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදි ඩී.එµa. කාරියකරවන (94) මහතා පසුගිය සතියේ අපෙන් සදහටම සමුගත්තේය.

කාරියකරවන මහතා ලේක්‌හවුස්‌ ආයතනයේ පළවූ පත්තර තුනකම කර්තෘ ධුරය වරින් වර ඉසිලුවේය.

මා ඔහු මුලින්ම හඳුනාගත්තේ 1980 දශකයේය. එවකට ජනතා පත්‍රයේ කර්තෘවරයා වූයේ ඔහුය.

දහවල් 12 ට පමණ පිටවෙන ජනතා පත්‍රයට අවශ්‍ය වාර්තා ලිවීම සඳහා අඩුම තරමින් පාන්දර 5.30 ට මාධ්‍යවේදීන් පැමිණිය යුතුව තිබිණි.

ජනතා පත්‍රයට සැපයිය යුත්තේ ඉතාමත් උණුසුqම් පුවත්ය.

මැතිව් පීරිස්‌ දේවගැතිවරයාගේ නිවසේ සිදුවූ අභිරහස්‌ මිනීමැරුම පිළිබඳව පත්තර බසින් Fදකකදඅ(µලෝ) කිරීම ගැන මා මුලින්ම දැනගත්තේ කාරියකරවන මහතාගෙනි.

මේ කතාව µලෝ කරන්න ඕනෑ තේරුණාද? කතාව මිස්‌ කරන්න එපා යෑයි කාරියකරවන මහතා මට දැනුම්දීමක්‌ කළේය. කිසියම් ප්‍රවෘත්තියක්‌ මගෙන් අතපසු වුවහොත් කාරියකරවන මහතා මට තදින්ම බැණවැදී ඇත.

එවැනි දිනවල මා කාරියකරවන මහතාට මුහුණ නොදී වසන්වී සිටියත් කවර මොහොතක හෝ මා දුටු විගස ප්‍රවෘත්තිය අතපසු වූ ආකාරය පිළිබඳව කරුණු විමසා සිටීමට ඔහු අමතක නොකළේය.

මා මෙන්ම ජනතා කර්තෘ මණ්‌ඩලයේ එවකට සේවය කළ පාලිත ධර්මරත්න, අශෝක ගුණතිලක මෙන්ම මාධ්‍යවේදී බොහෝ දෙනකුද කාරියකරවන මහතා ගේ දොaෂාරෝපණයට ලක්‌වී තිබිණි.

කාරියකරවන මහතා ඒ තරමට ප්‍රවෘත්ති සමග සම්බන්ධ වී සිටි සුවිශේෂ ගණයේ මාධ්‍යවේදියෙකි.

දුරකථන වලින් ප්‍රවෘත්ති ලබා ගැනීමට යන අවස්‌ථාවලදී ප්‍රවෘත්ති ලබා ගැනීමෙන් පසු එම ප්‍රවෘත්තිය ලබාදුන් තැනැත්තා සමග දුරකථනයෙන් පැය ගණන් රැඳී සිටිමින් කාලය කන්න එපා යෑයි කාරියකරවන මහතා මාධ්‍යවේදීන්ට නිතර නිතර අවවාද කර තිබේ.

කතාව දුන්න කෙනාට බොහෝම ස්‌තූතියි කියලා දුරකථනය තබන්න....ඊට එහා හෑලි කතා කියලා ටැලිෙµdaන් බිල් වැඩි කරන්න එපා යෑයි කාරියකරවන මහතා දිනක්‌ මට අවවාද කළේය.

එම අවවාද මම අදත් පිළිපදිමි.

මාධ්‍ය කලාවට අපූරු පන්නරයක්‌ ලබාදුන් කාරියකරවන මහතා මියයන මොහොත වන තුරුම මාධ්‍ය කලාව වෙනුවෙන් පැයක්‌ හෝ දෙකක්‌ වැය කිරීමට අමතක කළේ නැත. ඔහු නිවසේ සිට පත්තරවලට තීරු ලිපි ලීවේය. හෙතෙම පත්තර කලාවේ අපූරු චරිතයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.