PPA ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජයග්‍රහණය GSK සමාගමට

2015 PPA ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ ජයග්‍රාහකයන් වූ ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින් (GSK) කණ්‌ඩායම

23 වැනි වරටත්' ෆාමා ප්‍රමෝටර්ස්‌ ඇසෝසියේෂන් (PPA) විසින් සංවිධානය කළ අතිශයින්ම තරගකාරී වාර්ෂික ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේ මේ වසරේ පළමු ස්‌ථානය ලබාගනිමින්'ශූරතා කුසලාන' දිනා ගැනීමට ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින්ෆාමසූටිකල්ස්‌ (GSK) සමාගම සමත්වී තිබේ.

මෙම ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සඳහා ග්ලැක්‌සෝස්‌මිත්ක්‌ලයින් (GSK) සමාගමේ කණ්‌ඩායම් දෙකක්‌ ඉදිරිපත් වූ අතර අනිත් කණ්‌ඩායම මෙහි පස්‌වන ස්‌ථානය දිනා ගැනීමට සමත්වීමද කැපී පෙනේ.

මේ වසරේ තරගාවලිය සඳහා සමාගම් 22 ක්‌ නියෝජනය කරමින් කණ්‌ඩායම් 24 ක්‌ තරග වැදුණු අතර මෙම සමාගම්වල විවිධ වූ ව්‍යාපාරික ඒකක සහ දෙපාර්තමේන්තු නියෝජනය කරන සාමාජිකයන්ගෙන් කණ්‌ඩායම් සමන්විත විය. මෙම සෑම කණ්‌ඩායමක්‌ම සාමාජිකයන් පස්‌ දෙනකුගෙන් සමන්විත වූ අතර ජයග්‍රාහී කණ්‌ඩායමට පිරිනැමුණේ .PPA Qම' භසඑe. අභියෝගතා කුසලානයයි. මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලුම සාමාජිකයන්ට සහතික පත්‍රයක්‌ ලබාදීමට කටයුතු කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.