මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පාලනාධිකාරිය
සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව නඩු දමයි


ඒමන්ති මාරඹේ

තම කීර්තිනාමයට හා ප්‍රතිරූපයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශයන් කළේ යෑයි චෝදනා කරමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පාලනාධිකාරිය විසින් රුපියල් කෝටි 100 ක වන්දි මුදලක්‌ ඉල්ලමින් සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙහි නඩු පවරා තිබේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පාලනාධිකාරිය වන මාලබේ සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔµa ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් (සයිටම්) ආයතනය විසින් මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවට අදාළ නීතිමය කරුණු සම්බන්ධව නීතිඥ මණ්‌ඩලයක්‌ සමඟ සාකච්ඡා කරමින් නීති උපදෙස්‌ ලබා ගනිමින් සිටින බවත්, සයිටම් ආයතනය මගින් 2008 වසරේ සිට සිදු කරන ලද වංචා, දූෂණ හා සියලු රැවටීම් අධිකරණය හමුවේ හෙළිදරව් කරමින් උක්‌ත ආයතනයේ සැබෑ ස්‌වරූපය හෙළිදරව් කිරීමට කටයුතු කරන බව සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්aගේ සංගමය පවසයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.