උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි
- විග්නේෂ්වරන් යාපනයේදී කියයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර ඇත.

යාපනයේ ඉනුවිල් හින්දු විද්‍යාලයේ 150 වැනි සංවත්සර උළෙලට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් මේ බව ප්‍රකාශ කර ඇති ඔහු යුද හමුදාව අපේ භූමියෙන් මුළුමනින්ම ඉවත් විය යුතු යෑයි ද ප්‍රකාශ කර තිබේ.

අප කිසිවෙක්‌ හමුදාවට මෙහි සිටින ලෙස පැවසුවේ නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

උතුරු නැගෙනහිර සම්පත් වෙනත් දිස්‌ත්‍රික්‌කවලට ගෙනයන බවට ද ඔහු චෝදනා කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.