PVH‍ වසරේ ගෝලීය සැපයුම්කරු
සම්මානයෙන් බ්‍රැන්ඩික්‌ස්‌ ඉහළම ඇගයීමට



PVH Corp. සමාගමේ ප්‍රධාන සැපයුම් දාම නිළධාරි විලියම් මැක්‌රයිත් විසින් බ්‍රැන්ඩික්‌ස්‌ ඇපරල් සොලුයුෂන් ලිමිටඩ් (BASL)- එසෙන්ෂල්ස්‌ සහ බ්‍රැන්ඩික්‌ස්‌ ඇපරල් ඉන්ඩියා හි, ප්‍රධාන විධායක නිළධාරී, රංගා රන්මඩුගල මහත්මිය වෙත සම්මානය පිරිනමයි. මෙම අවස්‌ථාවට (වමේ සිට) BASL- ලොන්ජරී හි ප්‍රධාන විධායක නිළධාරී, රජීව් මලලසේකර මහතා, බ්‍රැන්ඩික්‌ස්‌ සමූහයේ ආයතනික අලෙවිකරණ සහ සන්නාමකරණ ප්‍රධාන විධායක නිලධාරී, එම්. රගුරාමන් මහතා, PVH Corp සමාගමේ විධායක උප සභාපති, මාර්ක්‌ ග්‍රීන් මහතා සහභාගී විය..

ලෝකයේ දැවැන්තම ඇඟලුම් සමාගමක්‌ විසින් එහි ගෝලීය සැපයුම්කරුවන් විසින් ඉදිරිපත් කළ සියලුම නිෂ්පාදන අංශයන් සලකා බලා මෙරට ඇඟලුම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්‌ස්‌, එහි වසරේ ගෝලීය සැපයුම්කරුවා ලෙස සම්මානයට පාත්‍ර කරමින් සමාගමේ ගෝලීය සැපයුම්දාම සමුළුවේදී බ්‍රැන්ඩික්‌ස්‌ වෙත ඉහළම සම්මානය පුද කර ඇත.

ලොව සුපතල Calvin Klein, Tommy Hilfiger, Van Heusen වැනි සන්නාම අයත්වන PVH Corp. සමාගම විසින් වසර දෙකකට වරක්‌ පවත්වන සමාගමේ ගෝලීය සම්මාන ප්‍රදානයේදී මෙම ප්‍රධාන සම්මානය බ්‍රැන්ඩික්‌ස්‌ වෙත ප්‍රදානය කළ අතර මෙම සම්මාන ප්‍රදානය මේ වසරේදී පැවැත්වුණේ තායිලන්තයේ පුකෙට්‌ නුවරයි.

මෙම සම්මානය මගින් PVH සමාගම සමග බ්‍රැන්ඩික්‌ස්‌ සමූහයේ තිබෙන උපාය මාර්ගික ඒකාබද්ධතාවය ඇගයීමට ලක්‌කර තිබෙන අතර එම සමාගමේ Calvin Klein, Tommy Hilfiger සහ Heritage
Brands යන සන්නාම භාවිතා කරන පාරිභෝගිකයින් වෙත විවිධ යට ඇඳුම් නිෂ්පාදන කාණ්‌ඩ වලදී ලබාදුන් අසමසම වටිනාකම අගයා තිබේ.

මෙම සම්මාන ප්‍රදානයේදී PVH සමාගමේ ප්‍රධාන ගෝලීය සැපයුම් දාම නායකත්ව කණ්‌ඩායම විසින් අවධාරණය කළේ සමාගමේ සුවිශේෂී සන්නාමවල වර්ධනය සහ සන්නාම අගය තිරසාරාත්මකව පවත්වාගැනීම සඳහා බ්‍රැන්ඩික්‌ස්‌ වැනි ව්‍යාපාරික සහකරුවන් විසින් නිෂ්පාදනවල අගය එකතු කිරීම සහ නවෝත්පාදනයන් සඳහා ලබාදෙන විසඳුම් අත්‍යවශ්‍ය බවයි. බ්‍රැන්ඩික්‌ස්‌ සමූහය විසින් සිය ගනුදෙනුකරුවන්ගේ සන්නාම වලට ලබාදෙන අතිවිශිෂ්ට සේවාව PVH සමාගමේ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන් විසින් බොහෝ සේ ප්‍රශංසාවට ලක්‌කරන ලදී.

''ඇඟලුම් නිෂ්පාදනයේ ගෝලීය නායකයෙකු විසින් පිරිනැමූ මෙම සම්මානය අපට ලැබුණු මිල කළ නොහැකි සහතිකයක්‌. අනර්ඝත්වයෙන් ඉතාමත් ඉහළ ඇඟලුම් සැපයුම්කරුවෙකු ලෙස බ්‍රැන්ඩික්‌ස්‌ සතු කැපවීම සහ හැකියාව මෙයින් ඇගයීමට ලක්‌කර තිබෙනවාල'' යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස්‌ දක්‌වමින් බ්‍රැන්ඩික්‌ස්‌ සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී, අෂ්රµa ඕමාර් මහතා සඳහන් කළේය. ''මෙය බ්‍රැන්ඩික්‌ස්‌ විසින් ලබාගත් වැදගත් ජයග්‍රහණයක්‌ මෙන්ම ගෝලීය ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්‌ථානයක්‌ ලෙස ශ්‍රී ලංකාවට තිබෙන සුවිශේෂී වැදගත්කම මනාව පෙන්නුම් කරන්නක්‌'' යෑයිද ඒ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම සම්මානය වඩාත් කැපී පෙනෙන්නේ ඡඪ්‍ය සමාගම සමඟ බ්‍රැන්ඩික්‌ස්‌ සමූහය ව්‍යාපාරික කටයුතු අරඹා තවමත් ගතවී ඇත්තේ වසර තුනක්‌ පමණක්‌වීම නිසා බවයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.