සම්පත් බැංකුවේ 'පහේ ශිෂ්‍යත්ව' සම්මන්ත්‍රණ මාලාවේ
පළමු වැන්න මාතරදී සාර්ථකව පැවැත්වේ

දැයේ දූ පුතුන් වෙනුවෙන් සම්පත් බැංකුව විසින් අඛණ්‌ඩව 7 වැනි වසරටත් දියත් කරන ලද 'පහේ ශිෂ්‍යත්ව' සම්මන්ත්‍රණ මාලාවේ පළමුවැන්න පසුගිය මැයි 23වැනි සෙනසුරාදා මාතර ශාන්ත තෝමස්‌ පිරිමි විද්‍යාලයේදී ඉතා සාර්ථකව පැවත්විණි. මෙවර විභාගයට පෙනී සිටින පාසල් දරු දැරියන් 1100 කට අධික ප්‍රමාණයක්‌ හා ඔවුන්ගේ දෙමාපියන් මාතර පැවත් වුණු පළමු සම්මන්ත්‍රණය සඳහා සහභාගී වූහ. සම්මන්ත්‍රණයට සමගාමීව දෙමාපියන් වෙනුවෙන් පැවත්වුණු විශේෂ වැඩමුඵව සඳහා 700 කට අධික පිරිසක්‌ සහභාගීවීම ද විශේෂත්වයකි.

දිවයින පුරා ප්‍රදේශ රැසක්‌ ආවරණය කරමින් නොමිලේ පැවත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාව සියලු දරු දැරියන් හට විවෘත වන අතර සෑම සම්මන්ත්‍රණයකදීම ප්‍රවීණ ආචාර්යවරුන් විසින් ආදර්ශ ප්‍රශ්න පත්‍ර දෙකක්‌ සිසුන් සමග සාකච්ඡා කරනු ලැබේ. විභාගයේදී ප්‍රශ්න හොඳින් වටහා ගන්නා ආකාරය, පිළිතුරු ගොනුකරන ආකාරය, පිළිතුරු ලිවීමේදී කාලය කළමනාකණය කර ගැනීම ආදී ප්‍රයෝජනවත් කරුණු රැසක්‌ මෙහිදී විස්‌තරාත්මකව පැහැදිලි කෙරේ.

පසුගිය වසර කිහිපය තුළදී මෙම වැඩසටහන විශාල සාර්ථකත්වයක්‌ හා ජනප්‍රියත්වයක්‌ අත්කර ගත් අතර එම නිසාම එහි ඉදිරි පියවරක්‌ ලෙස මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ටතම කුසලතා පෙන්නුම් කරන ගිණුම් හිමි සිසු සිසුවියන්ට හා ඔවුන්ගේ පාසල්වලට රුපියල් ලක්‌ෂ ගණනක්‌ වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

සම්මන්ත්‍රණ මාලාවේ අනෙකුත් සම්මන්ත්‍රණ මැයි 30වැනිදා ත්‍රිකුණාමලය, ජූනි 13වැනිදා මතුගම, ජූනි 20වැනිදා ආණමඩුව, ජූලි 11වැනිදා මහියංගණය, ජූලි 25වැනිදා නුවරඑළිය (දෙමළ මාධ්‍ය), අගෝස්‌තු 8වැනිදා ගම්පහදී පැවත්වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.