ගෝල්ඩන් කී රෝහල  ශ්‍රී ලංකාවේ පළමු, නවීනතම HD-3D OCT අක්‍ෂි පරීක්‍ෂණ යන්ත්‍රය හඳුන්වා දෙයි

අක්‍ෂි හා උගුර, කන, නාසය සම්බන්ධ ප්‍රතිකාර ස`දහා ප්‍රසිද්ධියක්‌ උසුලනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහලක්‌ වන ගෝල්ඩන් කී රෝහල සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් අක්‍ෂි පරීක්‍ෂණ යන්ත්‍රයක්‌ පසුගියදා හ`දුන්වා දෙන ලදී. උසස්‌ ජර්මානු තාක්‍ෂණය භාවිතා කරන Carl Zeiss ආයතනය මගින් Optical Coherence Tomography (OCT) යන්ත්‍රයේ නවතම හ`දුන්වා දීම වන CIRRUS HD-3D
OCT 5000 Ver. 8.0 යන්ත්‍රය, ඇසේ දෘෂ්ටිවිතානයේ ත්‍රිමාණ රූප ලබා දෙමින් අක්‍ෂි සුවතාවය පිළිබ`ද වඩාත් සවිස්‌තරාත්මක තොරතුරු ලබා දීමට කටයුතු කරනු ලබයි.

ඇසේ අභ්‍යන්තර ව්‍යQහය පිළිබ`ද ඉතා සවිස්‌තරාත්මක රූප ලබාදීමට සමත් ලොව තාක්‍ෂණය අතින් දියුණුතම යන්ත්‍රවලින් එකක්‌ ලෙසින් මෙය හැ`දින්විය හැකිය. රෝගියා යන්ත්‍රය දෙසට සිය ඇස යොමුකරන ඇසිල්ලකින්, ඇස ස්‌පර්ශ කිරීමකින් තොරව තත්පර කිහිපයක්‌ තුළ දී අවශ්‍ය තොරතුරු ලබාදීමට මෙම යන්ත්‍රය සමත්වේ. එසේම ඇසේ ස්‌නායු පරීක්‍ෂාවක දී වඩාත් නිවැරදි තොරතුරු ලබා දීමට ද මෙම යන්ත්‍රය සමත්කම් දක්‌වනු ලබයි.

මෙහි ඇති Optical Coherence Tomography (OCT) කොටස ඇසට කිසිදු ආකාරයේ හානියක්‌ සිදුවීමෙන් තොරව ඉතා මෘදු තරංග ආධාරයෙන් රෝගියාගේ ඇසෙහි දෘෂ්ටි විතානයේ ඉතා සංවේදී පටක රූපගත කිරීමට කටයුතු කරනු ලබයි. දෘෂ්ටි විතානයේ සෑම ස්‌ථරයක්‌ම නිරීක්‍ෂණය කිරීමේ හැකියාව මෙම OCT යන්ත්‍රය සතුවේ. මෙහි ඇති සුවිශේෂීත්වය නම්, ඇසෙහි ඇතිවිය හැකි ආබාධ පිළිබ`ද පූර්ව විනිශ්චයන් සිදුකරලීමට මෙම යන්ත්‍රය සමත්වීමයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.