එල්.ටී.ටී.ඊ. රැඳවියන්  නිදහස්‌ කරගැනීමට
විඡේදාස-සුමන්තිරන් හමුවක්‌ අද හෙටම


සමන් ගමගේ

දැනට බන්ධනාගාරගතව සිටින එල්. ටී. ටී. ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් හා අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහත්වරුන් අතර සාකච්ඡාවක්‌ ඉදිරි දින කීපය තුළ පැවැත්වීමට නියමිතව තිබේ.

බොහෝදුරට ඇමැතිවරයා සහ සුමන්තිරන් අතර හමුව අද හෝ හෙට (2-3) පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම හමුව ඉකුත් සතියේ පැවැත්වීමට නියමිතව තිබුණ ද නොවැළැක්‌විය හැකි හේතුවක්‌ නිසා එය මේ සතිය දක්‌වා කල් දැමූ බව මේ පිළිබඳ දෙමළ මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (01 දා) සඳහන් කර ඇත.

පුද්ගලයන් 278 දෙනකු ත්‍රස්‌තවාදී චෝදනා යටතේ මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අතර දේශපාලන සිරකරුවන් වන ඔවුන් සියලු දෙනා නිදහස්‌ කරගැනීම දෙමළ ජාතික සන්ධානයේ අරමුණ බව ද සුමන්තිරන් මන්ත්‍රීවරයා එහිදී පවසා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.