මරදානේ හෝටලයේ ගින්න ඇතිවෙන්න පෙර ගෑස්‌ සිලින්ඩරය ළඟ සිටි අරක්‌කැමියා මරණ පරීක්‌ෂණ උසාවිය හමුවට

ප්‍රදිප් ප්‍රසන්න සමරකෝන්

හෝටලයේ ගින්න ටිකෙන් ටික ඇතිවෙනකොට අපි වතුර ගැහුවා. නමුත් ගින්න ටිකෙක්‌ ටික වැඩිවුණා. එවිට අපේ හෝටලයේ සේවකයන් තුන්දෙනෙක්‌ ගින්නට හසුවී තිබෙනවා.

මරදානේ හෝටලයක ඇති වූ ගින්නෙන් එම සේවකයන් තිදෙනකු පිළිස්‌සී මියයැම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයේදී සාක්‌ෂි දුන් හෝටලයේ කළමනාකරු වන මොහොමඩ් අµaසාර් 34 යන අය එසේ පැවැසීය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කුඩිඉරිප්පු, ආරුමුගුගත්තාව, කලෙයිමගල් පාසල් පාරේ පදිංචිව සිටි කුංචි මොහොමඩ් අබ්දුල් ලතිµa (55) ආගර පොල්බෲක්‌ පදිංචිව සිටි රෙංගසාමි සෙල්වේන්ද්‍රන් (44) සහ කොළඹ 10, මරදාන පදිංචිව සිටි සේක්‌ මොහිදිනA (64) යන තිදෙනාය.

මේ සම්බන්ධ මරණ පරීකAෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා හමුවේ පැවැති අතර එහිදී තවදුරටත් සාක්‌ෂි දුන් සාක්‌ෂිකරු මෙසේද කීය.

මම මරදාන පළවැනි පාරේ පිහිටි හෝටලයේ කළමනාකරු ලෙස අවුරුදු දෙකක සිට සේවය කරනවා. හෝටලයේ අයිතිකරු සියා උල්හක්‌ කියන අයයි. ඔහු අකුරණ පදිංචි කෙනෙක්‌. මේ සිද්ධිය වෙන වෙලාවේ ඔහු සිටියේ නැහැ. මෙම හෝටලයේ සේවකයන් දහතුන් දෙනෙක්‌ සේවය කරනවා. හෝටලයේ ඉදිරි දොරටුව පමණයි තියෙන්නේ. හෝටලයේ පිටුපසින් තාප්පයක්‌ හා පිට ගොඩනැඟිල්ලක වහලයක්‌ තියෙනවා.

එදා හැමදෙනාම හෝටලයේ වැඩ කරමින් සිටියා. මගේ කවුළුවේ ඉදිරියෙන් පාරට පේන්න කොත්තු හදන කවුළුවක්‌ තියෙනවා. එදින රිµdස්‌ කියන කෙනා µ්‍රයිඩ් රයිස්‌ වගයක්‌ සාදා එම රයිස්‌ එක පාර්සලයකට දාලා ආපු පාරිභෝගිකයා අතට දීලා පිටිපස්‌සට ගියා. ඔහු අත සෝදන්න කඩේ පිටිපස්‌ස පැත්තට ගියේ.

පිටිපස්‌සේ සිටි සේවකයන් මට පෙන්නුවා ගින්දර ඇවිළීගෙන එන අන්දම. පසුව මා ගින්දර නිවන්න ළඟට යන්න හැදුවා. සේරම මට කැගහලා කිව්වා යන්න එපා කියලා.

මේ සිද්ධියේදී මියගිය එක්‌කෙනෙක්‌ කඩේ පිටුපස නිදාගෙන සිටියා. ඔහුට ඒ වෙලාවේ වැඩ නැහැ. විවේකයි. මේ සිද්ධිය වෙනකොට දහවල් 1.00 ට විතර ඇති.

අපි ගින්දර දැකලා වතුර ගහන්න හැදුවා. පසුව වතුර ටිකක්‌ විසි කළා. ඒත් ගින්දර ඇවිළීම නතර වුණේ නැහැ. ටිකෙන් ටික ගින්දර වැඩිවුණා. පසුව මා ප්‍රධාන ස්‌විච් එක විසන්ධි කරලා හෝටලයෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා මම පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ 119 ට දැනුම් දුන්නා. එවිට ඔවුන් කිව්වා ගිනි නිවන දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න කියලා. පසුව මා ඒ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.

ගිනි ඇවිළීගෙන එනකොට හෝටලයෙන් කෑම කන්න ආපු අයයි, වැඩකරපු අයයි එළියට පැනලා බේරුණා. ඒත් ඇවිළුණු ගින්නත් එක්‌ක ඇතුලේ සිරවී සිටි සේවකයන් තුන්දෙනෙක්‌ එළියට එන්න බයවුණා. අපි ඔවුන්ව එළියට ගන්න උත්සාහ කළත් එය අසාර්ථක වුණා. ඒකට හේතුව හෝටලයේ ඇතුළ දුමෙන් වැසී තිබිමයි. පසුව ගිනි නිවන හමුදාව ඇවිල්ලා ගින්න නිවන විට සවස 2.30 ත් පසුවෙලා තිබුණා. ගින්න නිවා දැමුවාට පසු ඇතුළේ හිරවී සිටි සේවකයන් තුන්දෙනා එළියට අරන් ගිලන් රථයකින් රෝහලට රැගෙන ගියා.

මියගිය සේවකයන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩී.අයි. එල්. රත්නායක මහත්මිය විසින් පවත්වන ලදී.

හෝටලයේ මෙම ගින්න ඇතිවීමට පෙර ගෑස්‌ සිලින්ඩරය ළඟ සිටි හෝටලයේ අරක්‌කැමි රිµdස්‌ නමැත්තා අද කොළඹ නාගරික හදිසි මරණ පරික්‌ෂක උසාවියට ඉදිරිපත් කරන ලෙස හදිසි මරණ පරීක්‌ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා පොලිසියට නියෝග කළේය.

මරදාන පොලිසියේ සැරයන්වරුන් වන සෝමරත්න (49441) සහ ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‌ෂි මෙහෙයවූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.