2015 ජුනි 06 සෙනසුරාදා

 
 

    
    Divaina Editor
    contact webmaster
   

ශ්‍රීලනිප - එජාප ජාතික ආණ්‌ඩු ගිවිසුමක්‌ නෑ
- විපක්‍ෂ නායක නිමල් සිරිපාල නිවේදනය කරයි

ජාතික ආණ්‌ඩුවක්‌ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිදු අවබෝධතා ගිවිසුමක එළඹි නොමැති බව ප්‍රකාශ කරන අතර සජිත් ප්‍රේමදාස මහතාගේ සාවද්‍ය ප්‍රකාශය පිළිකුල් සහගතව ප්‍රතික්‌ෂේප කරන බව මෙරට ජනතාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.

අගමැතිට එරෙහි විශ්වාසභංගය භාරදෙයි
අත්සන් 112 යි; ඇමැතිවරු 15 දෙනකුත් අත්සන් කරති

අගමැතිවරයා වෙත චෝදනා අටක්‌ එල්ල කර ඇති මෙම විශ්වාසභංග යෝජනාවට (04 දා) කතානායක චමල් රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය ලබාගත් බවද ඒ අනුව  පාර්ලි මේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට භාරදුන් ......

සියලු විමර්ශන අත්අඩංගුවට ගැනීම් බලරහිත කරන්න
මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කරන්න
අභියාචනාධි කරණයට පෙත්සමක්‌

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන තුරු එකී පොලිස්‌ ඒකකයේ කටයුතු අත්හිටවිය යුතු බවට පොලිස්‌පතිට සහ එම පොලිස්‌ ඒකකයේ නිලධාරීන්ට අතුරු තහනමක්‌ පනවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

රජයේ මුදල් සතයක්‌වත් සිරිලිය සවිය ගිණුමේ නෑ
- මහින්ද රාජපක්‍ෂ

හිටපු ජනාධිපතිවරයා ඊයේ (05 දා) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාමය වෙත පැමිණ සිටි අවස්‌ථාවේදී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ විට ඉහත අදහස පළ කළේය.

අල-ලූනු බදු අඩුවේ

මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවක විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ද රුපියල් 55 සිට 30 දක්‌වාද, බී ලූනු කිලෝවක බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්‌වාද අඩුකර ඇත.

ජාතික කොඩියට අදාළ රීති නීතියක්‌ බවට පත් කෙරේ

රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ දේශපාලනඥයන් ඇතුළු සමාජයේ විවිධ පිරිස්‌ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීමටත් දිගින් දිගටම ජාතික කොඩිය අවභාවිත කිරීම හේතුවෙනි.

දිනක්‌ වයසැති බබා ගේ පිටුපස බිම දාලා

සිද්ධිය සම්බන්ධයෙන් සිඟිති දරුවාගේ මව බවට සැකකරන 17 හැවිරිදි තරුණියක්‌ තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායකදී වෙඩි වැදී මියගිය රොෂේන් චානක සැමරුම් උළෙල
පසුගිය රජය මගේ දරුවා මරා විශ්‍රාම වැටුප් පනත හකුළා ගත්තා
- රොෂේන්ගේ මව කියයි

අපි යහපාලන ආණ්‌ඩුවට කියනවා එම වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන්න කියා. අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි දෙකක්‌ යෑව්වා. ඒවාට තවම උත්තර නෑ.

අද සිට තද වැසි

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලෝක පරිසර දිනය සමරමින්......


'තිරසර භාවිතය - සුරකී මිහිතලය' යන තේමා පාඨය මුල්කර ගෙන පොළොන්නරුව ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය අසලදී ඊයේ (05 වැනිදා) පැවැති ජගත් පරිසර දින ජාතික උළෙලේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, කළුවර පැළයක්‌ රෝපණය කළ අයුරු

20 ඉක්‌මන් කරන්න ජනමතය අපි හදන්නම්
- සෝභිත හිමියෝ ජනපතිට හා අගමැතිට කියති

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ 20 වැනි සංශෝධනය ගෙන ආවත් පාර්ලිමේන්තුවේ පවතින ප්‍රතිවිප්ලවකාරී තත්ත්වය නිසා එය සම්මත කර ගැනීම සැක සහිත බවයි.

කටඋත්තර ගන්න ආවොත් නිසි උත්තරය දෙනවා
දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් කියයි

අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ.

විශ්වාසභංගය ගැන පුළුවන් නම් ඡන්දය විමසන්න
ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහින්ද පාර්ශ්වයට අභියෝග කරයි

මෙවැනි විශ්වාසභංග ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අවතාර දැන් උත්සාහ ගන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඔහුට පාවාදීමට බව හෙතෙම කීය.

විධායක ජනපති තෝරන ඡන්ද මින්පසු ශ්‍රී ලංකාවේ නැහැ
- ඇමැති කරු ජයසූරිය

පසුගිය ජනවාරි අටවැනිදා පැවැතියේ මෙරට අවසන් ජනාධිපතිවරණය බවත් වර්තමානයේදී ජනාධිපති වරයා සතුව පවතින ඉතිරි බලතල ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පසුව අවසන් වන බවත් හෙතෙම කීය.

ඉන්ධන සැපයුමේ අඩුවක්‌ නෑ
- ලංකා ඉන්දියන් ඔයිල් සමාගම

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරිවුම්හල් වලට ඉන්ධන සැපයීම සියයට පනහකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ඊයේ 05 වැනිදා දිවයින පුවත්පතේ සඳහන් ප්‍රවෘත්තියට අදාළව මෙම නිවේදනය එවා තිබේ.

සාමණේර හිමියන්ට අතවර කරන තැත වැරදී පලාගිය පුද්ගලයා විදුලි සර වැදී මරුට

අපරාධකරු විහාරස්‌ථානයේ සාමණේර හිමිවරුන් සැතපෙන කාමරය අසළ නිදාගෙන ඇත. රාත්‍රියේදී ඔහු නින්දෙන් අවදිවී හිමිනමකට ලිංගික අතවර කිරීමට සැරසෙද්දී හිමිනම කෑගසා ඇත.

  • කෙටිකෑම නිසා රටට බරක්‌ වන ළමා බර

    මෙම අධි බර තත්ත්වය කල් යත්ම තරබාරු තත්ත්වයට පත්ව එම සිසුන් වයස අවුරුදු 30 පමණ වන විට හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක්‌ පවතින බව වෛද්‍ය මතය වී තිබේ.

  • 'නැතිබැරි' කම් තමයි කවදත් උත්තරේ...

    සිය මවුබිමේදී පැවැති තරගාවලියකදී වුවද අවසන් මහ තරගයකට හෝ සුදුසුකම් නොලැබීමට ප්‍රධානම හේතුව ලෙසින් තමන් දකින්නේ පුහුණුවීම්වලදී ජාත්‍යන්තර තරග පැවැත්වෙන ප්‍රමිතීන්ට අනුව වන පහසුකම් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමැති වීම බව යෑයි වත්මන් ජාතික බැඩ්මින්ටන් පුහුණුකරු කමල් ගම්ලත් මහතා සඳහන් කරයි.


Kapruka Shopping |  News





 

Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.