දිනක්‌ වයසැති බබා ගේ පිටුපස බිම දාලා

සිරිල් විමලසුරේන්ද්‍ර

දිගන කුඹුක්‌කඳුර නමැති ගමේ නිවසක පිටුපස බිම දමා සිටි එක්‌ දිනක්‌ වයසැති පිරිමි දරුවකු තෙල්දෙණිය පොලිසිය මගින් ඊයේ බ්‍රහස්‌පතින්දා (4 දා) සොයාගෙන ඇත.

අසල්වැසියකු විසින් ලබාදෙන ලද තොරතුරක්‌ අනුව කළ සෝදිසියකදී කුඩා දරුවා සොයා ගන්නා ලදී.

දරුවා තෙල්දෙනිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිඟිති දරුවාගේ මව බවට සැකකරන 17 හැවිරිදි තරුණියක්‌ තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.