කටඋත්තර ගන්න ආවොත් නිසි උත්තරය දෙනවා
දකුණු පළාත් සභා ඇමැති ඩී. වී. උපුල් කියයි

නෝමන් පළිහවඩන

පොලිසිය තාම මගෙන් කට උත්තරයක්‌ අර ගෙන නැහැ. ආවොත් නිසි උත්තරය දෙන්න මම ලෑස්‌තිවෙලා ඉන්නවා යෑයි දකුණු පළාත් සභා ඇමැති  ඩී. වී. උපුල් මහතා zzදිවයිනZZ ට ඊයේ (5 දා) ප්‍රකාශ කළේය.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරීන්ට ගල්වලින් පහරදී මරා දමන බවට රැස්‌වීමකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්‌ කළ බවට උපුල් මහතාට විරුද්ධව නඟන චෝදනා පිළිබඳව අප ඇසූ ප්‍රශ්නයකට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

පොලිසියේ මහත්වරු මගෙන් තාම ඒ ගැන කටඋත්තරයක්‌ අරගෙන නැහැ. එතකොට මම උත්තර දෙන්නම්. අපි බද්දට ගත්ත වීරවිල නිවසේදී 40-50 ට විතර දේශපාලන සාකච්ඡා තිබ්බා. මගේ අනුදැනුම මත කිසිම මාධ්‍යවේදියකුට මෙම රැස්‌වීමට ඇරයුම් කළේ නැහැ. මාධ්‍යවේදීන් කිසිවෙකු හිටියේ නැහැ. මං කරපු කතාව zzමුහුණුපොතේZZ එතන හිටිය කෙනෙක්‌ දාලා තියනවා.

මටත් කියන්න දේවල් තියනවා. ලබන සඳු¹ වෙන කොට මමත් නඩුවක්‌ දානවා. ඕනෑනම් මම කතා කරපු වීඩියෝ පටිය පොලිසියටත් බලන්න දෙනවා යෑයි ඩී. වී. උපුල් මහතා කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.