සියලු විමර්ශන අත්අඩංගුවට ගැනීම් බලරහිත කරන්න
මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කරන්න
අභියාචනාධිකරණයට පෙත්සමක්‌

සරත් ධර්මසේන

පොලිස්‌පති විසින් 2015-02-13 දින පිහිටුවනු ලැබූ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අවලංගු කොට එමගින් මෙතෙක්‌ කළ විමර්ශන හා අත්අඩංගුවට ගැනීම් ඇතුළු සියලු කාර්යයන් බලරහිත කරන්නැයි ඉල්ලා  ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා යන දෙදෙනා එක්‌ව ඊයේ (05 වැනිදා) අභියාචනාධිකරණයට රිට්‌ පෙත්සමක්‌ ගොනු කළහ.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වා අවසන් තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කරන තුරු එකී පොලිස්‌ ඒකකයේ කටයුතු අත්හිටවිය යුතු බවට පොලිස්‌පතිට සහ එම පොලිස්‌ ඒකකයේ නිලධාරීන්ට අතුරු තහනමක්‌ පනවන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.

පෙත්සම්කරුවන් දෙදෙනාම කියා සිටින්නේ ජනතාවගේ යහපත පිණිස පෙත්සම ගොනු කළ බවයි. සෑහෙන කාලයක සිට සමාජ සුබසාධනය වෙනුවෙන් විශේෂයෙන්ම දුප්පත් ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට කැපවී කටයුතු කරන තමන්ට ජනතාව වෙනුවෙන් මෙම ප්‍රශ්නයට මැදිහත්වීමට අයිතියක්‌ ඇති බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

මුල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පිහිටුවීමට නියෝග කරමින් පොලිස්‌පති නිකුත් කළ ගැසට්‌ නිවේදනයේ සඳහන් වන අන්දමට එම ඒකකය මගින් සිදුකරනු ලබන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ මෙහෙයවීම යටතේ ක්‍රියාකරන ඇමැති අනුකමිටුවට යොමුකරන විශේෂ පැමිණිලි විමර්ශනය කිරීමය. පොලිස්‌පතිට පොලිස්‌ ආඥපනතේ 55 වෙනි වගන්තිය යටතේ වෙනම අංශයක්‌ පිහිටුවීමට බලයක්‌ නැති බවත් ඔහුට කළ හැක්‌කේ පොලිසියේ අභ්‍යන්තර පරිපාලන කටයුතු වලට අදාළව නියෝග නිකුත් කිරීමට පමණක්‌ බවත් පෙත්සම්කරුවන්a සිය පෙත්සමෙන් පෙන්නා දී ඇත.

එනිසා නීති විරෝධී අංශයක්‌ වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය අවලංගු කරමින් "සර්ටියෝරාරි" රිට්‌ ආඥවක්‌ මගින් අවලංගු කරන ලෙස පෙත්සම්කරුවෝ ඉන් ඉල්ලා සිටිති.

නීතිඥ ලක්‌සිරි ද සිල්වා මගින් පෙත්සම ගොනු කර තිබිණි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.