විශ්වාසභංගය ගැන පුළුවන් නම් ඡන්දය විමසන්න
ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහින්ද පාර්ශ්වයට අභියෝග කරයි

පියසේන දිසානායක

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ විවාද කර හැකි නම් ඡන්ද විමසුමක්‌a සිදු කර පෙන්වන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයට අභියෝග කර සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ  හිටපු සභාපති ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා zදිවයිනZ ට පැවැසීය.

මෙවැනි විශ්වාසභංග ඉදිරිපත් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ අවතාර දැන් උත්සාහ ගන්නේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඔහුට පාවාදීමට බව හෙතෙම කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඊයේ (05 දා) කථානායකවරයාට භාර දෙන ලද විශ්වාසභංග යෝජනාව පිළිබඳව zදිවයිනZ ට අදහස්‌ දක්‌වමින් මේ බව පැවැසූ ජයවික්‍රම පෙරේරා මහතා මෙවැනි විශ්වාස භංග කිහිපයක්‌ පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර තිබෙන බවද කීවේය.

ප්‍රසිද්ධිය ලබා ගැනීමට මෙවැනි විශ්වාසභංග ඉදිරිපත් කළත් ඒ සම්බන්ධව ඡන්ද විමසුමකට ඒමට මහින්ද පාර්ශ්වයේ කණ්‌ඩායම බිය වී සිටින බවද හෙතෙම වැඩිදුරටත් කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.