විධායක ජනපති තෝරන ඡන්ද මින්පසු ශ්‍රී ලංකාවේ නැහැ
- ඇමැති කරු ජයසූරිය

අකිත පෙරේරා

මෙරට යළි කිසි දිනක විධායක ජනාධිපතිවරයෙක්‌ තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණයක්‌ නොපැවැත්වෙනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතා කියා සිටී.

ඒ අනුව පසුගිය ජනවාරි අටවැනිදා පැවැතියේ මෙරට අවසන් ජනාධිපතිවරණය බවත් වර්තමානයේදී ජනාධිපතිවරයා සතුව පවතින ඉතිරි බලතල ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පසුව අවසන් වන බවත් හෙතෙම කීය.

ජනාධිපතිවරයා සතු බලතලවලින් විශාල බලතල ප්‍රමාණයක්‌ 19 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කළ බවත් එමගින් රටේ සමස්‌ත ජනතාවගේ නිදහස එක්‌ පුද්ගලයකු මත තීරණය වූ වාතාවරණය වෙනස්‌ කළ බවත් ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම නිදහස්‌ රාජ්‍ය සේවයක්‌, ස්‌වාධීන අධිකරණයක්‌ රටේ මේ වනවිට පිහිටුවා අවසන් බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය ඇමැති පණ්‌ඩු බණ්‌ඩාරනායක මහතා එම අමාත්‍යාංශයේදී ඊයේ (05 වැනිදා) වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වෙමිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.