ඉන්ධන සැපයුමේ අඩුවක්‌ නෑ
- ලංකා ඉන්දියන් ඔයිල් සමාගම

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන සැපයුමෙහි අඩු කිරීමක්‌ කර නොමැති බවත් තමන්ගේ සියලුම ඉන්ධන හල් අලෙවි නියෝජිතයන්ට පසුගිය වසරේ අදාළ මාසයන් සඳහා ලබාදුන් ඉන්ධන ප්‍රමාණයන්ම ලබාදෙමින් ඉන්ධන නිකුත් කිරීම සිදුකරන බවත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරිවුම්හල් වලට ඉන්ධන සැපයීම සියයට පනහකින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ඊයේ 05 වැනිදා දිවයින පුවත්පතේ සඳහන් ප්‍රවෘත්තියට අදාළව මෙම නිවේදනය එවා තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.