යුද අපරාධ යාන්ත්‍රණය හදන්න
එ.ජා. සංවිධානයෙන් ඩොලර් මිලියන 3ක්‌


කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත.

මෙම යාන්ත්‍රණය ජුනි මස අගදී පිහිටුවීමට නියමිතය.

එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සුවායිර් තන්දේ මේ බව හෙළිකර ඇත. මෙම අරමුදල ශ්‍රී ලංකාවේ සහජීවන කටයුතු වලටද යොදා ගැනේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.