අද සිට තද වැසි

සිරිමන්ත රත්නසේකර

නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්‌නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්‌ත්‍රික්‌කවලත් උදේ කාලයේ වැසි ඇතිවිය හැකි බවත් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේදී අනෙකුත් ප්‍රදේශ කරා වැසි පැතිර යාහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී. විශේෂයෙන්ම මධ්‍යම ප්‍රදේශයේ නිරිත දිග බෑවුමේ වැසි වර්ධනය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.