පරිගණක ලකුණු සටහන්කරුවන්ට පුහුණු පාඨමාලාවක්‌

පරිගණක මෘදුකාංගයක්‌ භාවිත කරමින් ක්‍රිකට්‌ තරගයක ලකුණු සටහන් කිරීම සඳහා වූ පුහුණු කිරීමේ පාඨමාලාවක්‌ ලබන ජුලි මස 01 වැනිදා කොළඹ 07, ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්වේ.

අන්තර්ජාතික ක්‍රිකට්‌ තරගවල ලකුණු සටහන් කරීමේ පළපුරුද්දක්‌ ඇති ජ්‍යෙෂ්ඨ ලකුණු සටහන්කරුවන් විසින් මෙහෙයවනු ලබන අදාළ පාඨමාලාව ට ලැප්ටොප් පරිගණයක්‌ හිමි මෙන්ම ක්‍රිකට්‌ ක්‍රීඩාව පිළිබඳව මනා දැනුමක්‌ ඇති අය පමණක්‌ මේ සඳහා ඉල්ලූම් කරන ලෙස එම ලකුණු සටහන්කරුවන් ඉල්ලා සිටියි.

පෙ.ව. 9 සිට පැවැත්වෙන අදාළ පාඨමාලාව සඳහා අවු. 20 ට වැඩි කාන්තා/ පිරිමි දෙපාර්ශ්වයටම සහභාගිවිය හැකි අතර ඒ සඳහා වන අයෑදුම්පත් මෙම මස 20 වැනි දිනට පෙර ලයිව් ස්‌කෝරස්‌, නො. 67, විහාර මාවත, බෙල්ලන්විල, බොරලැස්‌ගමුව යන ලිපිනයට යොමු කළ යුතුය.

දිවා ආහාරය ලබාදෙනු ලබන මෙම වැඩමුලූවට සහභාගිවන අයට අවසානයේ විද්යුත් ලකුණු සටහන්කරුවකු ලෙස එම සංගමයේ සාමාර්කත්වය ලබා ගැනීමේ අවස්‌ථාව උදාවනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 0715-211245 හෝ 0773-494735 ඔස්‌සේ ලබාගත හැක.

චමිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.