ද ෆිනෑන්ස්‌ සමාගම ඉදිරි වසරවලදී
ලාභ ලබන තත්ත්වයට පත් කරනවා
සමාගමේ 75වැනි සංවත්සරයේදී කළමනාකාර අධ්‍යක්‍ෂ අරුණ ලේකම්ගේ කියයි


ද ෆිනෑන්ස්‌ සමාගම මේ වන විට ආදායම අතින් සම මට්‌ටම ඉක්‌මවා යමින් සිටින බවත් ඉදිරි වසර දෙක හෝ තුන තුළ අපේ ශේෂ පත්‍රයන් මත සුබවාදී සලකුණු තබමින් ලාභ ලැබීමට අපේක්‍ෂා කරන බවත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අරුණ ලේකම්ගේ මහතා පැවසීය.

සමාගම අප යටතට පත්වීමෙන් පසු සිදුවූ පාඩු භාගයකින් පමණ අවම කර ගැනීමට හැකිවූ බවත් සියලු මූල්‍ය දර්ශකයන් ධනාත්මකව ඉහළ යමින් පවතින බවත් අරුණ ලේකම්ගේ මහතා කියා සිටියේය.

ද ෆිනෑන්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අරුණ ලේකම්ගේ මහතා මේ බව කියා සිටියේ ද ෆිනෑන්ස්‌ සමාගමේ 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පසුගියදා සමාගමේ ප්‍රධාන කාර්යාලයේ පැවැති උත්සවයේදීය.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර ද ෆිනෑන්ස්‌ සමාගමේ සභාපති ආචාර්ය එස්‌. එච්. ඒ. එම්. හේරත් මහතා ප්‍රමුඛ ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය හා සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් සමාගමේ 75වැනි සංවත්සරය සමරනු ලැබීය.

ද ෆිනෑන්ස්‌ යනු ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය පමණට ආර්ථික සහ මූල්‍ය නිදහස නොතිබූ කාල වකවානුවක්‌ තුළදී ආරම්භ කළ පළමු මූල්‍ය ආයතනය වේ. 1948 වසරේ නිදහස ලැබීමට පෙර යුගයේ බැංකු ඇතුළු බොහෝ මූල්‍ය ආයතනයන් සේවය සැපයුවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ දැනුමක්‌ සහ අධ්‍යාපනයක්‌ තිබූ පාරිභෝගිකයන්ට පමණි. බොහෝ ශ්‍රී ලාංකිකයන්ට සිය ව්‍යාපාරයන් සහ ජීවිකාවන් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම එකල අපහසු විය. එවන් වාතාවරණයක්‌ තුළ 1940 වසරේදී මූල්‍ය ක්‍ෂේත්‍රයේ මහත් විප්ලවයක්‌ ඇති කරමින් ද ෆිනෑන්ස්‌ මූල්‍ය නිදහස ස්‌ථාපිත කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉදිරිපත් විය.

2014 වසර ද ෆිනෑන්ස්‌ සමාගමේ සුවිශේෂ වූ වෙනස්‌කම් කිහිපයක්‌ සිදුවූ වසරකි. එම වසරේදී සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්‌ලය යටතට පවරා ගනු ලැබීය. එහිදී පාරිභෝගිකයන් සමාගම කෙරෙහි තැබූ විශ්වාසය සුරක්‍ෂිත කරමින් එය ප්‍රතිව්‍යqහගත කිරීමේ වැසටහනකට ලක්‌ කෙරිණි. එමගින් සමාගමට නැවුම් ආරම්භයක්‌ ලැබිණි. මුදල් මණ්‌ඩලය විසින් සමාගමට නව අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ද පත් කරන ලදී. මේ වන විට සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අරුණ ලේකම්ගේ මහතාගේ විශිෂ්ට නායකත්වය සහ දැක්‌ම මෙන්ම සභාපති ආචාර්ය එස්‌. එච්. ඒ. එම්. අබේරත්න මහතාගේ සහ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ මග පෙන්වීමෙන්ද ද ෆිනෑන්ස්‌ අලුත් මගකට යොමුවී ඇත්තේ ඉහළ සාර්ථකත්වයක්‌ අරමුණු කරගෙනය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ද ෆිනෑන්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ අරුණ ලේකම්ගේ මහතාá අපි ලාභය මතම පදනම් නොවී මහ ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳ මෙන්ම දේශයට වැඩදායී ලෙසින් කටයුතු කිරීම පිළිබඳවද උනන්දු වෙනවා. සමාජය පිළිබඳ සහ අපේ පාරිභෝගිකයන් පිළිබඳ වගකීමක්‌ අපට තිබෙනවා. සමාගමේ කළමනාකාරීත්වයට අලුතෙන් තරුණ සාමාජිකයන් එක්‌වීමත් සමග ලාභ නොලබන සම්පත්, ලාභ ලබන තත්ත්වයට පත් කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව අප සොයා බලනවා.

ද ෆිනෑන්ස්‌ යනු ජාතික සම්පතක්‌. මෙහිදී අපි අවධානය යොමු කරන්නේ ජාතියට සේවයක්‌ සිදු කරනා අතරම ද ෆිනෑන්ස්‌ සමාගම නගාසිටුවීමටයි. අපේ සැලැස්‌මට අනුව සමාගම මූල්‍ය ක්‍ෂේත්‍රය තුළ අංක 1 බවට පත් කිරීමයි. මේ සැලැස්‌ම පිළිබඳව දෙදෙනෙකුට ස්‌තුති කිරීමට අවශ්‍යයි. ඉන් එක්‌ අයෙක්‌ වන්නේ මෙහයුම් විධායක අධ්‍යක්‍ෂ තිස්‌ස ඒකනායක මහතායි. ඔහු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තුළ සිටිනා පැරණිතම සාමාජිකයෙක්‌ වන අතර දෛනික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී සමාගමේ ශක්‌තිය වන්නේ ඔහුයි. අනෙක්‌ පුද්ගලයා වන්නේ දැඩි වගකීමෙන් යුත් මූල්‍ය විනයක්‌ සහතික කරමින් මූල්‍ය කටයුතු මෙහෙයවන අපේ මූල්‍ය විධායක අධ්‍යක්‍ෂ වන රමේෂ් අබේවික්‍රම මහතා යෑයි අරුණ ලේකම්ගේ මහතා කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.