කැරපොත්තන් නිසා තුර්කි ජනපති මැඳුර මාරු කරයි

කැරපොත්තන්ගේ ආක්‍රමණයක්‌ නිසා තුර්කි ජනාධිපතිවරයා සිය කාර්යාලය වෙනස්‌ කර ඇත.

රිෂෙප් ටයිප් එර්ඩොගන් ජනපතිවරයා සිය නව කාර්යාලය ලෙස තෝරාගෙන ඇත්තේ කාමර 1150 කින් යුතු විශාල මන්දිරයකි.

මේ ජනපතිවරයා අගමැති ධුරයේ කටයුතු කරන කාලයේ මේ මන්දිරය ඉදිකළ අතර එයට විපක්‌ෂයේ දැඩි විරෝධය පළ විය.

තම පැරණි කාර්යාලයේ වැසිකිළිය කැරපොත්තන් විසින් ආක්‍රමණය කර තිබූ බව තුර්කි ජනපතිවරයා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.