මලාලාට වෙඩි තැබූ අටදෙනෙක්‌ නිදහස කෙරෙති

යුසුෆායි මලාලාට වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනාගෙන් අටදෙනකු පකිස්‌තාන අධිකරණයක්‌ මගින් නිදහස්‌ කර ඇත.

මලාලාට වෙඩි තබනු ලැබුවේ 2012 දීය.

මේ වෙඩි ප්‍රහාරයෙන් පසු මලාලා ලොව ප්‍රකට වූ අතර 2014 දී ඇය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

පකිස්‌තාන අධිකරණය මෙම සැකකරුවන් නිදහස්‌ කිරීම දැඩි විවේචනයට ලක්‌ව තිබේ.

මෙම සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට සාක්‌ෂි නොමැති නිසා මොවුන් නිදහස්‌ කර ඇතැයි පකිස්‌තාන නිSතිඥයකු වන නයිම් ඛාන් කියයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.